FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වසරේ මුල් මාස හයේ විදේශ ණය හා පොලී පියවීමට ඩොලර් මිලියන 1,254 ක්:..

FM Heart · 1 min read

The Heart Academy
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්‍තාවෙහි’ මෙම තොරතුරු ඇතුළත් වේ. රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයේ නිල දත්ත උපුටා දක්වමින් එම වාර්‍තාව පෙන්වා දෙන්නේ, ගෙවන ලද සමස්ත විදේශ ණය සේවාකරණ වියදමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 812 ක් ණය වාරික මුදල් පියවීම සඳහා ද, ඉතිරි ඩොලර් මිලියන 441.9 ක මුදල පොලී ගෙවීම් සඳහා ද වෙන් කර ඇති බවයි. අදාළ වාර්‍තාවට අනුව ජූනි මස අවසන් වන විට විදේශීය ණය ගෙවීම් සම්බන්ධයෙන් පැහැර හරින ලද හෝ නොපියවන ලද කිසිදු හිඟ ණයක් වාර්‍තා වී නොමැති බව මුදල් අමාත්‍යාංශය තහවුරු කරයි. ණය ගිවිසුම්ගත එකඟතාවන්ට අනුකූලව සහ අදාළ සහන කාලසීමාවන් සැලකිල්ලට ගනිමින් නියමිත දිනට විදේශීය ණය හිමියන් වෙත ගෙවා නිම නොකළ ණය වාරික සහ පොලී මෙලෙස හිඟ ණය වශයෙන් අර්‍ථ නිරූපණය කෙරේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්‍ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ නීතිරීතිවලට අනුව, අර්‍බුදයට ලක්ව ඇති, නීතිමය වශයෙන් මතභේදාත්මක හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත්ව කල් ඉකුත්ව ඇති ඇතැම් විදේශීය ගෙවීම් මෙම "නොපියවූ හිඟ ණය" ගණයෙහිලා සලකනු නොලබන බව ද එම වාර්‍තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
99mobile