
අපි තරම් ඉක්මනට හදපු රටක් ලෝකෙ නෑ කියා IMF කියනවා..- ටිල්වින්
FM Heart · 2 min read
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘ඉල් මහ විරු සැමරුම්’ උළෙල අමතමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය: "පසුගිය කාලසීමාව ඇතුළත අපිට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහිදී ප්‍රධානතම අභියෝගය වුණේ කඩා වැටී තිබුණු රටේ ආර්‍ථිකයයි. ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එතුමාත්, අපේ කැබිනට් මණ්ඩලය, පාර්‍ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම දිවා රෑ නොබලා එකට එක්වී සාකච්ඡා කරමින් මේ ආර්‍ථික අර්‍බුදයෙන් රට ඉතා ඉක්මනින් ගොඩගැනීමට කටයුතු කළා. අද වන විට ලෝකයේ තිබෙන ප්‍රධාන මූල්‍ය ආයතන සියල්ලම අපේ රටේ ආර්‍ථිකය පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති බව තහවුරු කර තිබෙනවා. සෑම ආර්‍ථික දර්‍ශකයකින්ම අපේ රට අද ඉදිරියෙන්ම සිටිනවා. බංකොලොත් වූ රටක් වේගයෙන් ගොඩනැඟෙන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකයටම ඇති හොඳම ආදර්‍ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ප්‍රකාශ කළා. මෙතරම් කෙටි කලකින් යථා තත්ත්වයට පත් වූ වෙනත් රටක් නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. එමෙන්ම ලංකාවේ ආර්‍ථිකය දැන් කෙතරම් ශක්තිමත් ද කිවහොත්, ඉදිරියේදී එල්ල විය හැකි ඕනෑම මූල්‍ය හෝ බාහිර කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව රට සතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහතික වී තිබෙනවා. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු බාහිර කම්පන රැසකට අප තවමත් මුහුණ දෙමින් සිටියත්, ඒ කිසිදු පීඩනයක් හෝ බරක් මහජනතාව මත පටවන්නේ නැතිව රජය විසින් ඒවා දරාගනිමින් පාලනය කරගෙන යනවා. ආර්‍ථිකය ස්ථාවර කරමින් අප විශාල කාර්‍යභාරයක් ඉටු කරමින් ඉදිරියට ගමන් කර තිබෙනවා. දැන් අප හමුවේ ඇති මීළඟ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ සමාජ ජීවිතය ගුණාත්මක ලෙස යහපත් අතට පරිවර්‍තනය කිරීමයි."

