
යසිරැ පුතා ළඟ තිබූ කෝටි 150 ක මත්ද්‍රව්‍ය පරෙවි සුදාගේ හා දෙහිබාලේගෙ
FM Heart · 1 min read
අත්අඩංගුවට පත් පස්දෙනා මිරිස්ස සහ අකුරැස්සේ ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබූ රුපියල් කෝටි 150 කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය පරෙවි සුදා සහ දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බවට පොලිසිය සැක පහළ කරයි. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු මිරිස්ස සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවෝය. මෙම යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 58 ක් තිබෙන බව විමර්‍ශන නිලධාරීහු පවසති. යසිරු පුතා නමැති ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදීය. එම යාත්‍රාව මත්ද්‍රව්‍ය තොගය ද පටවාගෙන මිරිස්ස වෙරළ තීරය දක්වා යාත්‍රා කරමින් සිට ඇත. එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය එහි සැකකරුවෝ සහ යාත්‍රාව ඊයේ පෙරවරුවේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූහ. මෙම මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර විමර්‍ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය. හේමන්ත රන්දුණු

