
ධාවනය වන බසයට නැගීමට ගිය මගියෙකු රෝදයට යට වී බරපතලයි..
FM Heart · 1 min read
රාගල සිට වලපනේ හරහා කොළඹ දක්වා ධාවනය වන බස්‍රථය වලපනේ බස් නැවතුම්පොළට ඇතුලත් කිරිමේදි බස් රථය නතර කිරිමට ප්‍රථම කොළඹ යෑමට පැමිණි මගියෙකු බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුලු විමට උත්සහ කිරිමේදි මගියා ඇද වැටී ඔහුගේ දකුණු පාදය රෝදයට යට වී මෙම අනතුර සිදු වී ඇත. උදෑසන 9:45ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වලපනේ රූපහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පුද්ගලයෙකු බවත්, එම පුද්ගලයා දිපාවලී උත්සවයට නිවසට පැමිණ ආපසු කොළඹ දක්වා යෑමට (13) දින වලපනේ බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ අවධානම් සහිතව නොසැලකිලිමත් ලෙස බස් රථයට ගොඩවිමට යැමේදි මෙම අනතුර සිදු වී ඇති බවයි වලපනේ පොලිසිය කියා සිටියේ. ලංගම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර රියදුරා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

