
ආබාධිත තැනැත්තන්ට රාජ්‍ය ආයතනවල සේවා ගන්න වෙනම තැනක් ඇති කරනවා
FM Heart · 17 min read
2027 අයවැයේ පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය වන අලි මරණවලට දඩය ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩි කරනවා ත්‍රිමලේ තෙල් ටැංකි 29 ක් සංවර්ධනයට වගා නොකරන භූමිවල වගා සඳහා දිරිගැන්වීමට මිලියන 1550 ක් වෙන් කරනවා සුගතදාස ක්‍රීඩාංගණය සංවර්ධනයට රුපියල් මිලියන 1500ක් බන්ධනාගාර නිලධාරීනගේ මාසික අවදානමක් දීමනාව 30% කින් ඉහළට නගර සංවර්ධනය සඳහා නගර සන්නාමකරණය, සංචාරක නගර සංවර්ධනය වෙනුවෙන් යාපනය, මාතලේ, හැටන්, මඩකළපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගර දහය විධිමත් හා ක්‍රමවත් නගර බවට පරිවර්තනයට කටයුතු දැනටමත් ආරම්භ කර තියෙනවා. ඒ වෙනුවෙන් රු. මිලියන 2,700 ක් වෙන් කර තිබෙනවා. මීට අමතරව නගර 19 ක්, ත්‍රිකුණාමලය, කන්තලේ, කල්මුණේ, දෙහිවල, කළුතර, පානදුර, මතුගම, මහරගම, රත්නපුර, කෑගල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, ගාල්ල, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තණ්ඩිය, කිරිබත්ගොඩ සහ නුවරඑළිය නගර සංවර්ධන කටයුතුවලට රු. මිලියන 65,000 ක ව්‍යාපෘති ඇස්තමේන්තුවකින් ලබාදී ඇති ප්‍රතිපාදනයන්ට අමතරව 2027 වසරට රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. නාගරික පහත්බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම සඳහා ජලාපවහන පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යෑම, ගංවතුර අවස්ථාවලදී හදිසි මෙහෙයුම් කටයුතු සිදු කිරීම මෙන්ම කුඩා ඇළ මාර්ග හා ජලාපවහන පද්ධති ක්‍රමවත්ව නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඉහළ යමින් පවතී. ඒ සඳහා රු. මිලියන 1,250 ක් වටිනා බහුකාර්ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට ලබා ගැනීමට කටයුතු කරන අතර එයින් රු. මිලියන 625 ක් රජයේ හිමිකම් ප්රාග්ධනය ලෙස ලබා දීමට යෝජනා කරනවා. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන හා තමන්ගේ ව්‍යාපාරයක යෙදෙන පවුල්වල නිවාස ගැටලුව විසඳීම සඳහා රජය, පෞද්ගලික අංශය, බැංකු හා මූල්‍ය සමාගම් ඒකාබද්ධව නිවාස සැපයීම දිරිගැන්වීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර 5 ක කාලය තුළ ප්‍රධාන නගරවල මහල් නිවාස ඒකක 10,000 ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අප බලාපොරොත්තු වෙනවා. නාගරික ගංවතුර පාලනය කොළඹ නගරය හා තදාසන්න නගරවල ප්‍රධාන ඇළ මාර්ග නිසි කලට නිසි ලෙස නඩත්තු නොකිරීම හා වැසි වතුර ගලා යන ඇළ මාර්ගවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම මෙයට හේතුවයි. කොළඹ නගරය ආශ්‍රිතව දැනටමත් වැඩ ආරම්භ කර ඇති කොළොන්නාව හා ඔලියමුල්ල ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිවලට අමතරව 2027 වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂිත වත්තල, කැලණිය, බියගම ප්‍රදේශවල ගංවතුර වැළැක්වීමේ අරමුණ කරගත් මුදුන් ඇළ ව්‍යාපෘතිය, පිළියන්දල හා කැස්බෑව වැසි ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, උතුරු කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනයට සෙබස්තියන් ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හා කිරුලපන ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්රමුඛ වේ. එසේම, හැමිල්ටන් ඇළෙහි කොටසක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. තවද ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව හා මොල්ලිගොඩ බිඳුණු ඇළ ව්‍යාපෘතිය, දික්වැල්ල, බේරුවල සහ රත්ගම වැසි ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති 2027 වසරේ ආරම්භ කරනවා. කොළඹ සහ තදාසන්න නගරවල හඳුනාගත් ඇළ මාර්ග පිළිසකර කිරීම, පිළියන්දල – කැස්බෑව අතුරු මාර්ගයට යාබදව ඇති වැසි ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළත් නාගරික ගංවතුර පාලනය සහ පරිසරය පද්ධතීන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘති වෙනුවෙන් රු. මිලියන 3,200 ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම, දැනට ක්‍රියාත්මක මල්වතු ඔය ව්‍යාපෘති මගින් මන්නාරම දිස්ත්‍රික්තයේ ගංවතුර ගැටලුවට ද විසදුමක් ලබා දෙනවා. තවද, අම්පාර සහ මඩකළපු දිස්ත්‍රික්කවල ගංවතුර ගැටලුවට ඍජුවම බලපාන මුන්දෙනි ආරු ව්‍යාපෘතියට අදාළ මූලික වැඩකටයුතු ද ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, වැසි ජලය කළමනාකරණය සඳහා රු. මිලියන 7,700 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. බේරේ වැව තිරසර ලෙස සංවර්ධනය කිරීම හා අවට භූමි භාවිතය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර, සංවර්ධන සැලැස්මක් සකස් කිරීමත් එතෙක් දැනට හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් රු. මිලියන 900 ක් වෙන් කර තිබෙනවා. නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාවය මා විසින් පසුගිය අය-වැයෙන් අවධාරණය කළා. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා. මහජන ආරක්ෂාව ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි ඩිජිටල්කරණය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පූර්ණ ලෙස නවීකරණය, නාරාහේන්පිට පොලිස් රෝහල සංවර්ධනය, අත්තිඩිය පොලිස් පුහුණු ආයතනය සංවර්ධනය, මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම, විශේෂ කාර්ය බළකායේ ගෝනාහේන, කුරුණෑගල, අරන්තලාව, කෑගල්ල සහ කිරිඳිවැල කඳවුරුවල පහසුකම් සහ යටිතල පහසුකම් උසස් මට්ටමකට නංවාලීම වෙනුවෙන් රු. මිලියන 9,500 ක් වෙන් කර තිබෙනවා. වඩා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණෙන් දැනට කොළඹ නගරයේ විවිධ ස්ථානවල කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශ එක් ගොඩැනැඟිල්ලක ස්ථාපිත කිරීම වෙනුවෙන් නව පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. කොළඹ කොටුවේ ඉතාමත් අබලන් වූ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මර්දනය වැනි කාලීනව වෙනස්වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය නවීන පහසුකම් සහිත මහල් 15 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා. 2027 වසරේ ජූනි මාසයේ දී පොලිස් නිලධාරීන් සඳහා අප රටේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන නවීන තාක්ෂණික උපකරණවලින් ද යුත් නව නිල ඇඳුමක් ලබාදීමට යෝජනා කරනවා. විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස් පුනරුත්ථාපනය කර, නැවත සමාජගත කිරීම “රටම එකට” ජාතික මෙහෙයුමේ දිගුකාලීන වැදගත් අරමුණක්. ඒ සඳහා සේනපුර සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, උපදේශන හා ප්‍රතිකාර සේවා සහ වෘත්තීය පුහුණු පහසුකම් පූර්ණ ලෙස සංවර්ධනය සඳහා රු. මිලියන 180 ක් වෙන් කර තිබෙනවා. ආගමන හා විගමන කටයුතු, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුගත වෙමින් දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සහ වීසා අර්බුද හා සංකූලතා හේතුවෙන් තාවකාලිකව රඳවා ගන්නා විදේශිකයන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සහිතව වත්තල තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය මෙහෙයුම් කටයුතු ඉහළ නංවන්න ත්‍රිකුණාමලයේ නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීම සහ ආගමන විගමන කටයුතු ඩිජිටල්කරණය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් රු. මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා. ආයෝජනයේ ප්‍රමාණය හා අදාළ අනිකුත් නිර්ණායක මත පදනම්ව ආයෝජකයන් හට නිත්‍ය පුරවැසිභාවය ලබා දීමට නීති සම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. අධිකරණ රටක ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය (Rule of Law) සාක්ෂාත් වීමේ මූලිකම පදනම වන්නේ ප්‍රමාදයකින් තොරව සාධාරණව යුක්තිය පසිඳලීමේ හැකියාවයි. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති යටිතල පහසුකම් හිඟකම, තාක්ෂණික නොදියුණු බව සහ පද්ධතිමය ප්‍රමාදයන් හේතුවෙන් අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්රය දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. අධිකරණ ක්ෂේත්රයේ යටිතල පහසුකම් ඉහළ නංවමින්, නවීන තාක්ෂණය මුසු කරමින් සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ සිදු කරමින් විසඳුම් ලබා දීමට යෝජනා කරනවා. යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කලුතර, මහනුවර, සහ කොළඹ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115 ක් වෙන් කර තිබෙනවා. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් රු. මිලියන 60 ක් වෙන් කර තිබෙනවා. අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට ඩිජිටල්කරණයේ සහාය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ අංගයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ඊ-ගොනුකිරීමේ ද්වාරය, කඩදාසි රහිත (Paperless) නඩු විභාග කිරීමේ හැකියාව, ඒකාබද්ධ නඩු කළමනාකරණය සහ මාර්ගගත ගෙවීම් (e-CMS) දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ක්‍රියාත්මක කිරීම දැනට අවසන් කර ඇති අතර අනෙක් අධිකරණ තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි තදබදයක් ඇතිවී තිබෙනවා. බන්ධනාගාර 22 ක් හා වැඩ කඳවුරු 14 ක් තුළ පුද්ගලයන් 16,500 ක් පමණ රඳවා ගැනීමේ ධාරිතාවය ඉක්ම ගොස් මේ වන විට ඉන් දෙගුණයක් පමණ වන 36,500 කට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා සිටිනවා. මෙම තදබදයත්, මත්ද්‍රව්‍ය උවදුර නිසාත් බන්ධනාගාර තුළ ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් නිලධාරීන් මෙන්ම රැඳවියන් ද ජීවිතක්ෂයට පත්වුණා. වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය නිසා එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙවර අය-වැයෙන් රු. මිලියන 300 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා. ගාලු උරුම නගර සංවර්ධන සැලැස්මට හා සංචාරක කලාපීය ප්‍රවර්ධන කටයුතුවලට අනුකූලව, වත්මන් ගාල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම සඳහා මෙවර අය-වැයෙන් රු. මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා. දැනටමත් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කර තිබෙන වාරියපොල සහ වටරැක බන්ධනාගාරවල රඳවා ගැනීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා එම බන්ධනාගාර පුළුල් කිරීම වෙනුවෙන් රු. මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා. මාතර බන්ධනාගාරය, මාතර කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා. ජාතික ආරක්ෂාව ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යනු ලබන පර්යේෂණ, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ, “ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය” පිහිටුවීම සඳහා ප්‍රතිපාදන රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා. ආරක්ෂක හමුදාවන් වෙත ඉදිකිරීම් කටයුතු සඳහා බඳවා ගත් කණ්ඩායම් සිටිනවා. මෙම පිරිස රජයේ විවිධ සංවර්ධන වැඩසටහන්වලට යොදා ගන්නා විට ඒ සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට යෝජනා කරනවා. 2009 ට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ දෙමාපියන්ට දක්වන ගෞරවයක් වශයෙන්, දැනට මවට හා පියාට ගෙවන රු. 750 ක මාසික දීමනාව ඉහළ දැමීම සඳහා සහ එය 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කරනවා. රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සඳහා උපදේශන සේවා ලබා දීමේ ආයතනයක් ත්‍රිවිධ හමුදාව තුළ සිටින ඉංජිනේරු ඇතුළු වෘත්තිකයන් අනුයුක්ත කර පිහිටුවනවා. රජයේ ව්‍යාපෘති සැලසුම් කිරීම, අධීක්ෂණය හා සුපරීක්ෂණය කාර්යයන්වල දී උපදේශන ආයතනයක් ලෙස මෙම ආයතනය කටයුතු කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ඩිජිටල් හා සයිබර් ආරක්ෂක පද්ධති නවීකරණය කිරීම, ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීම සහ දේශසීමා ආරක්ෂක තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නිවේදන හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා නව මුර යාත්‍රා, ටග් යාත්‍රා සහ නවීන රේඩාර් පද්ධති ලබාදීමටත් අපේක්ෂා කරනවා. සංස්කෘතික හා ජාතික උරුමයන් සියලු ජාතීන් හා ආගම් එක් පවුලක් සේ සහජීවනයෙන් ජීවත් වීම තුළින් අපගේ ජාතික අනන්‍යතාවය තහවුරු කොට තිබෙනවා. එම උරුමයන් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා විධිමත් ලෙස සංරක්ෂණය කිරීම අපගේ ප්රමුඛ වගකීමක්. මේ සඳහා, ජාත්‍යන්තරයේ මෙන්ම දේශීයව භාවිත වන ත්‍රිමාණ ස්කෑනිං (3D Laser Scanning) වැනි ඩිජිටල් තාක්ෂණික නව්‍යතා ඔස්සේ පූජනීය සිද්ධස්ථාන, ඓතිහාසික කෞතුක වස්තු හා සංස්කෘතික අනන්‍යතා ඩිජිටල්කරණය කර සංරක්ෂණයට පියවර ගන්නවා. මෙමගින් ස්වාභාවික ආපදා හෝ කාලගුණික බලපෑම් හමුවේ වුවද ජාතික උරුමයන්ගේ නිවැරදි ත්‍රිමාණ ආකෘති සදාකාලිකව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. විවිධ ජාතීන් හා ආගම් සමග බැඳුණු කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අය-වැයෙන් රු. මිලියන 7,000 ක් වෙන් කර තිබෙනවා. අනුරාධපුරය ශ්‍රී ලංකාවේ අද්විතීය ඓතිහාසික පුරාවිද්‍යාත්මක ආගමික හා සංස්කෘතික උරුමයන් රැසක් ඒකරාශී වූ ජාතික හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් පූජා භූමියකි. එය බෞද්ධ ශිෂ්ටාචාරයේ ඓතිහාසික උරුමය නියෝජනය කරනවා. එබැවින් එහි පුරාවිද්‍යාත්මක හා ජූජනීයත්වය අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගැනීම, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මාර්ග ප්‍රතිසංස්කරණය, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා මේවන විටත් වැඩබලන අටමස්ථාන නායක ස්වාමීන්වහන්සේ ගේ සම සභාපතිත්වයෙන් උපදේශන සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2027 වර්ෂය සඳහා රු. මිලියන 1,076 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් රු. මිලියන 8,200 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර 2027 වසර සඳහා රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 2026 ආරම්භ කරන ලද යතිවර මාපිය නිවාස වැඩසටහන 2027 වසරට ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙනවා. දිට්වා ආපදාව හේතුකොටගෙන හානියට පත් වූ බෞද්ධ විහාරස්ථාන 758 ක්, හින්දු ආගමික ස්ථාන 272 ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199 ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99 ක් වශයෙන් ආගමික ස්ථාන 1,328 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 722 ක ප්‍රතිපාදන රජය විසින් සලසා දී තිබෙනවා. මෙයට අමතරව විනාශයට පත්වූ ආගමික ස්ථාන 1,328 අතරෙන් බුද්ධශාසන අරමුදලින් බෞද්ධ විහාරස්ථාන 30 ක් සඳහා රු. මිලියන 40 ක් ද, මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආගමික සිද්ධස්ථාන ඇතුව පුරාවිද්‍යා ස්ථාන සඳහා රු. මිලියන 523 ක් ද අනගාරික ධර්මපාල භාරය මගින් ඉන්දියානු මහා බෝධි සංගමයෙන් පරිත්‍යාග කරන ලද මුදලින් විහාරස්ථානයක් ද ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ජනමාධ්‍ය ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, විකාශන පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන උපකරණ හා තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට රු. මිලියන 489 ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පුනරාවර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කර තිබෙනවා. නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන දියුණුවට ගැළපෙන ලෙස ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේදී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. Clean Sri Lanka භෞතික පිරිසිදුකමට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකික ජන ජීවිතය සමාජයීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් යහපත් දිශාවකට පරිවර්තනය කිරීම අරමුණු කරගත් Clean Sri Lanka වැඩසටහන තුළින් සමාජයීය අංශය යටතේ ජීවන ගුණාත්මකභාවය, ගෞරවය, ආරක්ෂාව, සමාන ප්‍රවේශය, ඇතුළත්භාවය, ප්‍රජා සහභාගීත්වය හා සමාජ සමගිය ශක්තිමත් කිරීමත්; පාරිසරික අංශය යටතේ පරිසර ආරක්ෂාව, සංරක්ෂණය, stewardship, ජෛව විවිධත්වය, වගකීමෙන් සම්පත් භාවිතය හා තිරසරභාවය ප්‍රවර්ධනය කිරීමත්; ආචාරධර්මීය අංශය යටතේ වගකීම, අවංකභාවය, විනය, සාධාරණත්වය, කාර්යක්ෂමතාව හා පොදු සම්පත් පිළිබඳ වගවීම ශක්තිමත් කිරීමයි. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 6,000 ක් වෙන් කර තිබෙනවා. හරිත මාවත, ක්ලීන් කලම්බු, ක්ලීන් අයිලන්ඩ්ස්, ක්ලීන් සිටි, ක්ලීන් ශ්‍රී ලංකා-අත්තම, සිහින ගමනාන්ත දුම්රිය ස්ථාන නවීකරණය සහ ප්‍රමිතියෙන් යුත් පොදු සනීපාරක්ෂක පහසුකම් වැනි භෞතික පහසුකම් සැපයීම හා තිරසර නඩත්තුව ශක්තිමත් කිරීම, අලි සුපෝෂණ කලාප ඇතුළු පාරිසරික සංවර්ධන වැඩසටහන් සහ ජනතා පුරුදු, ප්‍රජා සහභාගීත්වය, ආයතනික වගකීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ දැනට 32% ක මට්ටමට තිබෙන අපද්‍රව්‍ය එක්රැස් කිරීම 2029 වන විට 60% ක් දක්වා ඉහළ නැංවීම, ආරක්ෂිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැඟීම අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතිය Clean Sri Lanka තුළින් තෝරාගත් පළාත් පාලන ආයතන 100 ක් තුළ ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත Capital Square ව්‍යාපෘතිය මගින් ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දූපත් ඒකාබද්ධ සංවර්ධනය හා පරිවර්තනය සඳහා ආදර්ශ දූපත් ලෙස සංවර්ධනය කරනවා. රාජ්‍ය පරිපාලනය හා මහජන සේවා පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන හැකියාව ඉහළ නැංවීම, පවතින සම්පත් ඵලදායීව භාවිතා කිරීම සහ මූල්‍ය තිරසරභාවය ශක්තිමත් කිරීම සඳහා සිව් අවුරුදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මෙමගින් පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අතර මේ වෙනුවෙන් රු. මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. කුරුණෑගල මහා නගර සභාව විසින් ආරම්භ කර නිම කිරීමට නොහැකිව අත්හැර දමා තිබෙන ක්‍්චසඒක ීුම්රු ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රු. මිලියන 575 ක ප්‍රතිපාදන පළාත් සභා අරමුදල්වලින් ලබා දීමට යෝජනා කරනවා. දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සහ විමධ්‍යගත අය-වැය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක් දිස්ත්‍රික්කයකට රු. මිලියන 2,000 ක් බැගින් රු. මිලියන 50,000 ක ප්‍රතිපාදන ලබා දීමට සැලසුම් කරනවා. එයින් රු. මිලියන 47,750 ක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා. ඉතිරි රු. මිලියන 2,250 විමධ්‍යගත අය-වැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහාත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රු. මිලියන 10 බැගින් දැනටමත් වෙන් කර තිබෙනවා. ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා මාර්ග මෙන්ම පාලම් ද වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රු. මිලියන 55,000 ක් වෙන් කර තිබෙනවා. එයට අමතරව, පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය සහ පළාත් පාලන ආයතන තුළ පවතින ග්‍රාමීය පාලම් වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 5,500 ක් ද, පළාත් සභා මාර්ග නඩත්තුව සහ පුනරුත්ථාපනය සඳහා රු. මිලියන 20,000 ක් ද වෙන් කර තිබෙනවා. ඒ අනුව, දැනට වෙන් කරන ලද රු. මිලියන 80,000 ට අමතරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන තුළ වෙන් කර ඇති ප්රතිපාදනය ද සමග රු. මිලියන 100,000 ක පමණ මුදලක් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර තිබෙනවා. මහජනතාව වෙත කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවයක් සැපයීමේ අරමුණින් වව්නියාව, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිකිරීම සඳහා රු. මිලියන 1,100 ක් වෙන් කර තිබෙනවා. ප්‍රාදේශීය මටිටමින් මහජන සේවා වඩාත් විධිමත් කිරීම සඳහා දෙහිඅත්තකණ්ඩිය සහ ඇලපාත නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා රු. මිලියන 265 ක් වෙන් කර තිබෙනවා. පළාත් පාලන ආයතනවලට වැටුප් සඳහා මුදල් ලබා දීමේදී දැනට ක්‍රියාත්මකවන 20% කින් හා 40% කින් සීමා කිරීමේ ක්‍රමවේදය නිසා ඇති වී තිබෙන දුෂ්කරතා මඟ හැරවීමට 2027 වර්ෂයේ සිට වඩාත් සාධාරණ හා සරල ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, 2027 වර්ෂයේ දී මූල්‍යමය වශයෙන් ඉතා දුර්වල මට්ටමක පවතින පළාත් පාලන ආයතන 46 ක් සඳහා ද, එම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල වැටුප් සඳහා වියදම් වෙනුවෙන් අවශ්‍ය 100% ක් ප්‍රතිපාදන ආවරණය කිරීමට යෝජනා කරනවා. අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා ද මෙම ප්‍රතිශතයන් වෙනස් කිරීමට යෝජනා කරනවා. මෙම ආයතන ඉදිරිපත් කරනු ලබන සැලසුම් මත මූලධන වැඩසටහන් සඳහා සහය දැක්වීමට රු. මිලියන 1,750 ක් වෙන් කර තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමත්, මහජනතාවට ගුණාත්මක සේවාවක් සැලසීම සඳහා දැනටමත් වැඩ ආරම්භ කර ඇති කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මීගමුව, හෝමාගම, කළුතර, පිටබැද්දර, අඟුණකොලපැලැස්ස, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් නිම කිරීම සඳහා රු. මිලියන 1,100 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රාජ්‍ය ආයතන සතු පැරැණි පරිගණක සංචිතය වෙනුවට නව සංචිතයක් ලබාදීමට රු. මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව තවත් රු. මිලියන 2,200 ක් ලබා දීමට යෝජනා කරනවා. දීපව්‍යාප්ත සේවාවල දැනට පවතින උසස්වීමේ ක්‍රමවේදයට අනුරූපව දීපව්‍යාප්ත නොවන විධායක සේවාවන් හා දෙපාර්තමේන්තුගත සේවාවන් තුළ පවතින ගැටලු නිරාකරණය කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් මානව සම්පතක් ලබා දීමට, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින්, කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පුරප්පාඩු 148,940 ක් සඳහා බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංඛ්‍යාවෙන් මේ වන විට ආසන්න වශයෙන් 40,000 ක් පමණ බඳවාගැනීම් අවසන් කර තිබෙනවා. ඉදිරියේ දී අදියරගතව තවත් 110,000 ක් පමණ බඳවා ගන්න ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. බත්තරමුල්ල, සෙත්සිරිපාය අදියර iii ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය 2028 වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රු. මිලියන 6,800 ක් වෙන් කර තිබෙනවා. සෙත්සිරිපාය අදියර iv ව්‍යාපෘතිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහිතව ඉදිකිරීමට බත්තරමුල්ල-ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් යෙදවීම මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගරු කථානායකතුමනි, 2025 අපගේ පළමු අය-වැයෙන්, රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 15,750 කින් වැඩි කිරීමෙන් සහ වාර්ෂික වැටුප් වර්ධක අගය 80% දක්වා වැඩි කිරීමෙන් මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම වැටුප් වැඩි කිරීම සඳහා රු. බිලියන 330 ක් වැය වෙනවා. මෙම වැටුප් සංශෝධනය අදියර 3 කින් ක්‍රියාත්මක කරන ලද අතර එහි අවසාන අදියර 2027 වසරේ දී ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අයවැයෙන් රු. බිලියන 110 ක් වෙන් කරනු ලබනවා. මේ අතර, විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයන් විසින් සිය රාජකාරි ඉටු කිරීමේදී දැරීමට සිදුවන ඒ ආශ්රිත වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, තම දීමනා සංශෝධනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් මෙන්ම රජයේ පවතින මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගනිමින්, මෙම අය-වැය මගින් ප්‍රමුඛතාව ලබා දෙමින් දීමනා කිහිපයක් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. අනෙකුත් දීමනා සංශෝධනය කිරීමේ ඉල්ලීම් රාජ්‍ය මූල්‍ය හැකියාව සැලකිල්ලට ගනිමින් ඉදිරි අය-වැයවල දී අදියර වශයෙන් සලකා බැලීමට කටයුතු කරනු ලබනවා. ඒ අනුව, පහත පරිදි දීමනා සංශෝධනය කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයක් සඳහා හිමිකම් ලබන නමුත්, නිල රාජකාරි ඉටු කිරීමේ දී තම පෞද්ගලික වාහන භාවිත කරනු ලබන විධායක නිලධාරීන්ට දැනට මාසිකව රු. 50,000 ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. පෞද්ගලික වාහන නිල රාජකාරි සඳහා යොදා ගැනීමේදී නඩත්තු, අලුත්වැඩියා සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් හා වාහනයක් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත රජයෙන් වාහනයක් ලබාදීමට වඩා ඔවුන් පෞද්ගලික වාහනයක් භාවිත කිරීම රජයට වඩාත් මූල්‍ය ඵලදායීතාව වැඩි බැවින්, එය දිරිගැන්වීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කරන පෞද්ගලික වාහන භාවිතා කරන, නිල වාහන හිමිකම ඇති නිලධරයන්ට, විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරි ගැන්වීමේ අරමුණෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008(v) අනුව ගෙවනු ලබන මාසික දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි 150% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. සෞඛ්‍ය අංශයේ දීමනා අපගේ ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා කරනු ලබන වැදගත් කාර්යභාරය සලකමින්, වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව රු. 70,000 සිට රු. 95,000 දක්වා රු. 25,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා ද, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ

