
ශිරාන් බාසික්ගේ බොරලැස්ගමුවේ නිවස ක්‍රියා විරහිත කෙරේ
FM Heart · 1 min read
මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ රැඳවුම් භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමෙන් යුත් නවීන පන්නයේ නිවසක් පරිහරණය ක්‍රියාවිරහිත කර ඇත. ඒ අනුව මෙම නිවසට එහි හිමිකරුවන්ට හෝ කිසිවකුටත් ඇතුළු විය නොහැක. මෙසේ ක්‍රියාවිරහිත කර ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තුන්මහල් නිවසකි. මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගත් මුදල් යොදවා මෙම නිවස ශිරාන් බාසික් විසින් මිලදී ගෙන ඇති බව විමර්‍ශනවලදී අනාවරණය වී ඇත. මෙම නිවස ශිරාන් බාසික් සිය පියාගේ නමට මුලින් මිලදී ගෙන තිබුණ ද පසුව ඔහු එය සිය පළමු බිරිඳගේ දියණිය වෙත පවරා තිබූ බව පොලිසිය පවසයි. ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි. හේමන්ත රන්දුණු

