FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අනවසර විදුලි රැහැනකින් වන අලියෙක් මරුට...

FM Heart · 1 min read

The Heart Academy
රත්කිඳ වනජීවී බීට්ටු බලප්‍රදේශයට අයත් කුඩාවිල සහ බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි නිවසක භෝග ආරක්ෂා කරගැනීම සඳහා මෙම මාරක විදුලි රැහැන අදාළ ඉඩම් හිමියා විසින් සවිකර තිබූ බව හෙළිව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස විදුලිසැර වැදී මියගොස් ඇත්තේ උසින් අඩි 7ක් පමණ වන, වයස අවුරුදු 15ත් 20ත් අතර පසුවන සවිමත් වන අලියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ උල්හිටිය වනසත්ත්ව අඩවි ආරක්ෂක ඉන්දික රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කෙරිණි. මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
99mobile