
මහ බැංකුවේ සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 7 සීමාව පසුකරයි
FM Heart · 1 min read
2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට 3.2 කින් ඉහළ ගොස් යළිත් වරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව පසුකර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7086ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 219 කින් ඉහළ ගොස් ඇත. 2026 සැප්තැම්බර් මාසය අවසානයේ දී වාර්‍තා වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 6867ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට 2026 පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය අතර මේ වසරේ ( 2026) පෙබරවාරි මාසය අවසානයේ එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 7284ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මේ අතර මෙම අගය 2026 මාර්‍තු මාසය අවසානයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 7026ක් දක්වා පහත වැටුණු අතර 2026 අප්‍රේල් මාසයේ දී එය නැවත වරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6759ක් දක්වා අඩු විය. ශ්‍යාම් නුවන් ගනේවත්ත

