
නලින් බණ්ඩාර ඩ්‍රෝන ගෙන ඒම ගැන CID විමර්‍ශන
FM Heart · 1 min read
පාර්‍ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ, නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන ඒම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්‍ශන අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මගින් සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ, පොලිස්පති නියමයෙනි. මේ අතර අදාළ ඩ්‍රෝන යානාවල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින්ද අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතයි. පාර්‍ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, නිසි අනුමැතියකින් තොරව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන ඊයේ (08) රේගු නිලධාරීන් භාරයට ගනු ලැබුවේය. ඒ අතර ඩ්‍රෝන යානා 39 ක් සහ මයික්‍රෆෝන 16 ක් වේ.

