FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

2027 දෙවන මාස හයේ සිට උද්ධමනය සියයට 5 ට අඩු මට්ටමට – මහ බැංකුව

FM Heart · 1 min read

The Heart Academy
ලබන වසරේ (2027) දෙවන මාස හයේ ( දෙවන භාගයේ) සිට උද්ධමනය සියයට 5 ට අඩු මට්ටමක පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ වන විට උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත මට්ටම වන සියයට 5 ක අගය ඉක්මවා පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඉහළ යන ඉන්ධන මිල ගණන් හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්‍ශකයේ වාර්‍ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන උද්ධමනය තනි ඉලක්කම් අගයක පැවතියත් , එය වැඩි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ බව ද මහ බැංකුව කියයි. 2026 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 8.0 ක් වූ උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 ක් දක්වා ඉහළ ගියේය. 2027 වසරේ දෙවන භාගයේ සිට උද්ධමනය සියයට 5 ට අඩු මට්ටමක පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය නවතම පුරෝකථන මගින් අපේක්ෂා කරයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile