FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

GMOA කොළඹදී හෙට විරෝධතාවක

FM Heart · 1 min read

The Heart Academy
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බවය. කෙසේ නමුත් හෙට දින කිසිදු වැඩ වර්‍ජනයක් රෝහල් පද්ධතියේ සිදු නොවන බව පැවසූ ඒ මහතා සියලු වෛද්‍යවරුන් කොළඹට ගෙන්වීමට කටයුතු නොකරන බවද සඳහන් කළේය. එමෙන්ම වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කර ඇති බවත් නිල නිවාස සම්බන්ධවද ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් මේ සම්බන්ධව එළැඹෙන අයවැය තුළ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි සිය සංගමය අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
99mobile