
කොළඹ ජලය බැසීම අවහිරවූ ස්ථාන 60ක් හඳුනාගෙන
FM Heart · 1 min read
කොළඹ නගරයේ ජලය බැසයාම අවහිරවූ ස්ථාන 60ක් හඳුනාගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. * නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත * බම්බලපිටිය හෙයිග් පාර * වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර * කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය * කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය * බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්රිත හීන් ඇළ * දෙමටගොඩ ආරාම පාර * මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය සහ * ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර යන වැඩිබලපෑම් සහිත ස්ථානවල අවහිරතා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් ආවරණය වන පරිදි මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මකයි. එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති

