
ගම්පහට ගංවතුරක් එනවා...
FM Heart · 1 min read
මෙම අංක ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (10) පස්වරු 12.30 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන බව එම දෙපාර්‍තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි. වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ ස්ථාපිත කර ඇති ගංගා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න ආශ්‍රිතව පිහිටි පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් වෙත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතී. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගංඟා දෙපස සහ පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්‍ග භාවිත කරන රථවාහන රියදුරන් ද දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව කටයුතු කළ යුතු බව වාරිමාර්‍ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා දැනුම් දෙයි. එසේම, ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පෙර සූදානම් පියවර ගන්නා ලෙස සියලුම ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.

