
අත්තනගලු ඔය ආශ්‍රිතව ගං වතුර අවදානමක්
FM Heart · 1 min read
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්‍ෂා තත්ත්වය හා බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩි වෙමින් පවතී. මේ තත්ත්වය මත හා වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව මඟින් අත්තනගලු මය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න වල පහත්බිම් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බවට අනතුරු අඟවනු ලැබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ වල මාර්‍ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටි.

