
යාපනය ක්‍රීඩාංගණයේ පළමු ක්‍රිකට් තරගය එන අවුරුද්දේ ගහනවා.. ප්‍රමාද වුනේ වාර්තා ප්‍රමාද වූ නිසා..
FM Heart · 1 min read
යෝජිත ක්‍රීඩාංගණ භූමියේ පවතින වත්මන් තත්ත්වය සහ එහි සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යවරයා (08) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතුවල මතු වූ මූලික ප්‍රමාදයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය තාක්ෂණික ඇගයීම් සහ ශක්‍යතා වාර්තා ලැබීම ප්‍රමාද වීම ඊට මූලික හේතුව වූ බවයි. කෙසේ වෙතත්, එම සියලු වාර්තා මේ වන විට අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ඉදිරි ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව 2027 වසර අවසන් වීමට පෙර මෙහි ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි වන පරිදි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමාරන්, යාපනය මහා නගර සභා මන්ත්‍රී මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාල සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් යන මහත්වරුන් ඇතුළු පළාතේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. උතුරු පළාත තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා යටිතල පහසුකම් ස්ථාපිත කරමින් ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ පුළුල් වැඩපිළිවෙළට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

