FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රීපාදයට ගේට්ටුවෙන් පැන ඇතුළු වූ අශේන් ගැන ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්!

FM Heart · 2 min read

The Heart Academy
ශ්‍රීපාදස්ථානයට ඇතුළුවීම සීමා කර තිබියදී වසා තිබූ ගේට්ටුවෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ යූටියුබ්කරුවකු සම්බන්ධයෙන් ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා. මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ යූටියුබ්කරුවකු වන අශේන් සේනාරත්නයි. ශ්‍රීපාදයේ පවතින හානි සහ ආරක්ෂක ගැටලු පිළිබඳව අශේන් පසුගියදා වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ඇතැම් ආරක්ෂිත වැටවල් සහ විදුලි පහන් ආශ්‍රිත කොටස්වල හානි පවතින බවත්, එක් ස්ථානයක වැටක් ස්පර්‍ශ කිරීමේදී තමන්ට විදුලි සැර වැදුණු බවත්‍ය. එමෙන්ම දෙසැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත ශ්‍රීපාද වන්දනා වාරයට පෙර අදාළ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකරන ලෙසද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හැටන් ශ්‍රීපාද මාර්‍ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය සහ ආරක්ෂක අංශ විශාල වැඩකොටසක් සිදුකළ බව ධම්මදින්න හිමියන් පෙන්වා දෙනවා. ඒ සඳහා පුද්ගලයන් 150කට අධික පිරිසක් යොදවා මාසයකට ආසන්න කාලයක් ගත කරමින් විශාල වශයෙන් එක්‍රැස් වූ පස් සහ සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම වසා තිබූ ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරියාට බැණවැදී ඇති බවටද උන්වහන්සේ චෝදනා කරනවා. ශ්‍රීපාදය කියන්නේ අපේ රටේ ආගමික මෙන්ම සංචාරක වටිනාකමක් ඇති ජාතික සම්පතක්. එහි ආරක්ෂාව, පිරිසිදුකම සහ වන්දනාකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සියලු පාර්‍ශ්වයන්ගේ වගකීමක්. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
99mobile