
පිටකොටුවේ ඉඩම්වලට හොර ඔප්පු හදා හිමිකරුවන් බියගන්වා කප්පම් අරන්
FM Heart · 2 min read
කොල්ලූපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු කල්ලියකට එරෙහිව විමර්ශන හොර ඔප්පු හැදූ ලෝයර් නෝනාටත් වැඩ වරදී කොළඹ, පිටකොටුවේ පිහිටි රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සහ ගොඩනැ`ගිලිවලට ව්‍යාජ ඔප්පු සකස්කර ඒවාට අයිතිවාසිකම් කියමින්, හිමිකරුවන් බියගන්වා ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා කොල්ලූපිටියේ පදිංචි ව්‍යාපාරිකයකු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. අදාළ ඉඩම් සහ ගොඩනැ`ගිලි සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර ඒවායේ හිමිකරුවන්ට එරෙහිව සිවිල් නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව කියන නීතිඥවරියකට එරෙහිව ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඇයගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත. කොල්ලූපිටියේ ව්‍යාපාරිකයා ඇතුළු සංවිධානාත්මක කල්ලිය ඉකුත් 2017 වර්ෂයේදී පිටකොටුවේ පිහිටි ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර ඊට අයිතිවාසිකම් කියමින් එම ඉඩම මිලදී ගත් ව්‍යාපාරිකයන් බියට පත් කරමින් නඩු කටයුතුවලින් ඉවත්වීමට කප්පම් මුදල් ඉල්ලා ඇත. එසේ කප්පම් මුදල් ලබා නොදුන්නොත් සිවිල් නඩුවක් පවරා මෙම ඉඩමේ ඉදිකිරීම් නතර කිරීමට කටයුතු කරන බව කියමින් කොල්ලූපිටියේ ව්‍යාපාරිකයා තර්ජනය කර තිබේ. මෙම ව්‍යාපාරිකයාගේ තර්ජන කිරීම් සහ බලපෑම් නිසා එම ඉඩම මිලදී ගත් ව්‍යාපාරිකයාට එහි ඉදිකළ ගොඩනැ`ගිල්ල අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඔහු දැඩි අසීරුතාවට පත්ව සිටියේය. මෙම මහා පරිමාණ වංචාවන් සිදුකරන කොල්ලූපිටයේ ව්‍යාපාරිකයා ඇතුළු කල්ලිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. මෙම ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සැකසීමට සහාය වී ඇති නොතාරිස්වරිය වන්නේ ද මෙම සිද්ධියට සම්බන්ධවී සිටින නීතිඥවරියයි. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ කොල්ලූපිටියේ ව්‍යාපාරිකයා තමා ද නොමග යවා මෙම ව්‍යාජ ඔප්පු සැකසීමේ කාර්යය සඳහා තම සහාය ලබාගත් බවයි. එම නීතිඥවරියගෙන් ඉදිරි දිනවල දී නැවත ප්‍රශ්න කිරීමට නියමිතය.

