FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයේ යෙදෙන පිරිසට වහා ඉවත්වන්නැයි අධිකරණ නියෝගයක්...

FM Heart · 1 min read

The Heart Academy
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් අත්තනායක මහතා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්‍තා කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. හදිසි මහජන පීඩාවක් හෝ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ආඥාව තාවකාලිකව නිකුත් කරන බව සිය නියෝගය මඟින් බලංගොඩ කශ්‍යප හිමියන් ඇතුළු පාර්‍ශ්වයට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පිහිටි කිසිදු පුරාවිද්‍යාත්මක ස්මාරකයකට හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතු බවටද තරයේ අවධාරණය කළේය. එමෙන්ම සත්‍යග්‍රහය වෙනුවෙන් එම පරිශ්‍රය තුළ දැනට ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඇතුළු සියලු ඉදිකිරීම් වහාම එම ස්ථානවලින් ඉවත් කරගත යුතු බවටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
99mobile