FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන 5ක් දිනා ගනිමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සිය විකුණුම් විශිෂ්ටත්වය සනිටුහන් කරයි

FM Heart · 1 min read

The Heart Academy
දිවයින පුරා විහිදී ඇති සිය විකුණුම් ජාලයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් වන සිය කැපවීමේ සාර්‍ථකත්වය යළිත් තහවුරු කරමින්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) පසුගියදා පැවැත්වුණු SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන පහක් (05) දිනා ගැනීමට සමත් විය. 2026 වසර සඳහා පැවැත්වුණු සම්මාන උළෙලේදී, ‘සාමාන්‍ය රක්ෂණ‘ අංශය යටතේ ඉදිරි පෙළ (Frontline), අධීක්ෂණ (Supervisory) සහ කළමනාකරණ (Management) යන කාණ්ඩවලින් HNBGI සමාගම වෙනුවෙන් විකුණුම් අංශයෙන් ඉහළ දස්කම් දැක්වූ වෘත්තිකයන් පස් දෙනෙක් එලෙස මෙම ගෞරවණීය ඇගයීමට පාත්‍ර විය. ඒ අනුව HNBGI සමාගමේ ඉසුරි සසින්ද්‍රී සූරියාරච්චි මෙනවිය ඉදිරි පෙළ (Front Liners – FL) කාණ්ඩයෙන් කුසලතා රිදී සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඩී. ඒ. එන්. ජී. රත්නවර්‍ධන මහතා විකුණුම් අධීක්ෂක (Sales Supervisor) කාණ්ඩයෙන් රිදී සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ පියුමාල් මංචනායක මහතා විකුණුම් අධීක්ෂක කාණ්ඩයෙන් ලෝකඩ සම්මානය දිනාගත් අතර, විකුණුම් විධායකවරයෙක් වන දුෂාන්ත යටිවැල්ල සහ ප්‍රදේශීය කළමනාකරුවෙක් වන ඉංගලහේවගේ දොන් රොෂාන් ලසන්ත යන මහත්වරුන් කුසලතා සම්මාන (Merit Awards) මෙහිදී හිමිකර ගත්හ.
99mobile