
කොමර්‍ෂල් බැංකුව Payable හා එක්ව කුඩා ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් පහසුකම් සලසන ‘Soundbox’ හඳුන්වා දෙයි
FM Heart · 2 min read
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්‍ෂල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම විශේෂයෙන් නිර්‍මාණය කර ඇති ශ්‍රව්‍ය පහසුකම් සහිත නව්‍ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වාදී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්‍රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර ඇත්තේ තවමත් අත්පිට මුදල් ගනුදෙනු මත යැපෙන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට දැරිය හැකි මිල ගණන් සහිත, සරල සහ කාර්‍යක්ෂම ගෙවීම් ලබාගැනීමේ ක්‍රමවේදයක් හරහා විධිමත් ඩිජිටල් ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙනි. වෙළෙඳපොළේ පවතින සියලුම ප්‍රධාන කාඩ්පත් ජාල හා QR ක්‍රමවේදයන්ගෙන් ලැබෙන ගෙවීම් භාර ගැනීමට මෙම උපාංගයට හැකි වන අතර මෙය මෙරට ගෙවීම් ක්ෂේත්‍රයේ පරිණාමීය මාවතෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. Soundbox මගින් සම්බන්ධතා රහිත කාඩ්පත් ගෙවීම් හා QR පාදක කරගත් ගනුදෙනු යන දෙවර්‍ගයටම සහය වන අතර, සෑම සාර්‍ථක ගෙවීමක් සඳහාම තත්‍ය කාලීන ශ්‍රව්‍යමය තහවුරු කිරීමේ පණිවිඩයක් ලබා දෙයි. මෙම උපාංගය සම්පූර්‍ණ කරන ලද සෑම ගනුදෙනුවක් ම එලෙස නිවේදනය කරන අතර, වෙළෙඳ මහත්වරුන්ට ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රියාවලට බාධාවක් නොවී ක්ෂණිකව ගෙවීම් සත්‍යාපනය කිරීමට හැකියාව ලැබේ. QR පාදක කරගත් ගනුදෙනු මගින් ක්ෂණිකව මුදල් බැර කිරීමෙන්ද තවත් ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර, එමගින් කුඩා ව්‍යාපාරවල ද්‍රවශිීලතාවය තවදුරටත් වැඩි දියුණු කරයි.

