FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා මෙවර සම්මාන උළෙලේදී අසෝක-රාජගුරු-චන්ද්‍රා-රොහාන් සහ ගනේගොඩට ජීවිතයේ එක් වතාවක් පිදෙන සම්මාන පිදෙති

FM Heart · 4 min read

The Heart Academy
සම්මාන උළෙල නොවැම්බර් 10 වැනිදා 27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය මෙම 10 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකා කර්‍තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී 2025 වසරේදී පළවූ මෙරට මුද්‍රිත මාධ්‍යවේදීන්ගේ ලේඛන කෞෂල්‍යය ඇගැයීමට ලක්කෙරේ. සෑම සම්මාන උත්සවයකදීම මෙන්ම මෙවර ද ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පස්දෙනකු ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලබයි. මෙවර එම සම්මානයෙන් පිදුම් ලබන ප්‍රවීණයන් වන්නේ අශෝක ගුණතිලක, අනුර බණ්ඩාර රාජගුරු, චන්ද්‍රා ප්‍රනාන්දු, රොහාන් අබේවර්‍ධන, ආරියරත්න ගනේගොඩ යන මහත්ම මහත්මීන්‍ය. අශෝක ගුණතිලක මහතා අශෝක ගුණතිලක මහතා සිය මාධ්‍යවේදී ජීවිතය ආරම්භ කළේ 1976 වසරේ ලේක්හවුස් ආයතනයෙනි. එහි ප්‍රවෘත්ති අංශයේ සහ විදෙස් පුවත් අංශයේ සේවය කිරීමෙන් පසු 1982 දී ඔහු එම ආයතනයෙන් ඉවත් විය. මෙම කාලසීමාව තුළ ඔහු ‘ඔබ්සවර්’ පුවත්පතට ද ‘යොවුන් ජනතා’ පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස ද ‘ජනතා’ පුවත්පතේ කර්‍තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස ද සේවය කළේය. 1982 දී උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින’ පුවත්පතේ ක්‍රීඩා කර්‍තෘ ලෙස සම්බන්ධ වූ ඔහු, 2013 වසරේදී ඉන් ඉවත් වන විට සහකාර කර්‍තෘ තනතුර දක්වා උසස්වීම් ලබා සිටියේය. ගුණතිලක මහතා සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත. 2000 වසරේදී ශ්‍රී ලංකා කර්‍තෘ සංසද ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩා මාධ්‍යවේදියා ලෙසත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කළ 2024 ක්‍රීඩා මාධ්‍යවේදය සඳහා වන විශිෂ්ටතා ඔලිම්පික් සම්මානය, වඩාත්ම විශිෂ්ට ක්‍රීඩා ප්‍රකාශනය සඳහා වන 2015 ජනාධිපති සම්මානය, ‘ක්‍රීඩා සාහිත්‍යවේදී’ සම්මානය (2020 සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල) සහ ‘බහුභාෂා ක්‍රීඩා සාහිත්‍ය’ සම්මානය (2022 සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල) ඒ අතර වේ. ඔහු මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්‍ධනයට ග්‍රන්ථ රැසක කතුවරයා ද වේ. අනුර බණ්ඩාර රාජගුරු මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවූ අනුර බණ්ඩාර රාජගුරු මහතා සිය මාධ්‍යවේදී ජීවිතය ආරම්භ කළේ 1980 වසරේ ලේක්හවුස් ආයතනයෙනි. එහිදී ‘ජනතා’ සහ ‘යොවුන් ජනතා’ පුවත්පත්වල සේවය කළ ඔහු, පසුව ‘සිළුමිණ’ සහ ‘ක්‍රීඩා’ කර්‍තෘ මණ්ඩලවලට සම්බන්ධ විය. ඉන්පසු ප්‍රවෘත්ති අංශයේ සේවය කළ ඔහු ‘නවයුගය’ සහ ‘සරසවිය’ යන පුවත්පත්වලට එක් වෙමින් දශක හතරකට වැඩි කාලයක් පුරා සිය මාධ්‍ය මෙහෙවරෙහි නියැළුණේය. සිය ජනමාධ්‍ය ජීවිතයට සමාන්තරව, ඔහු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය මෙන්ම ලේඛන කලාව ද සාර්‍ථක ගමනක් ගොඩනගා ගත්තේය. 1994 වසර ඔහුගේ ජනමාධ්‍ය ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් විය. ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහු ‘කොළඹ පුවත්’ නමැති නව සවස සිංහල පුවත්පතේ නියෝජ්‍ය කර්‍තෘවරයා ලෙස පත් වූ අතර පසුව එහි සහකාර කර්‍තෘ තනතුරට පත් විය. පසුව ඔහු කාලානුරූපී ප්‍රකාශවල කළමනාකාර කර්‍තෘ ලෙස කටයුතු කරන අතරතුර ‘සරසවිය’ පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ ලෙස ද පත් කරනු ලැබීය. චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 45 කට වැඩි අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකි. ඇය සිය මාධ්‍ය ජීවිතය 1977 වසරේදී ආරම්භ කළේ, දවස පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘චින්තාමණී’ සහ ‘දිනපති’ පුවත්පත්වල සහකාර කර්‍තෘවරියක ලෙස එක්වෙමිනි. එස්. ටී. සිවානායගම් මහතාගේ නායකත්වය යටතේ සේවය කිරීමෙන් පසු, ඇය ගුණසේන පවුලේ බාල පුතණුවන් විසින් ආරම්භ කරන ලද ‘සුඩමණී’ පුවත්පතට එක්වූ අතර එහි ද සහකාර කර්‍තෘවරියක ලෙස කටයුතු කළාය. ඇය එක්ස්ප්‍රස් නිවුස්පේපර්‍ස් (සිලෝන්) පුද්ගලික සමාගමේ ජාත්‍යන්තර ප්‍රකාශනය වන ‘තමිල් ටයිම්ස්’ පුවත්පතේ නියෝජ්‍ය කර්‍තෘවරිය ලෙස ද කටයුතු කළාය. පසුව නැවතත් වීරකේසරී පුවත්පතට පැමිණි ඇය, සිය විශ්‍රාම යෑම දක්වාම එහි විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක නියැළුණාය. ‘චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන කර්‍තෘ, සහකාර කර්‍තෘ සහ නියෝජ්‍ය කර්‍තෘ ඇතුළු ප්‍රධාන කර්‍තෘ මණ්ඩල තනතුරු කිහිපයක්ම හොබවා ඇත. රොහාන් සරත් අබේවර්‍ධන මහතා රොහාන් සරත් අබේවර්‍ධන මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ 1980 වසරේදී ස්වාධීන පුවත්පත් සමාගමට (Independent Newspapers Group) අයත්ව තිබූ ‘සන්’ පුවත්පතේ පුහුණු මාධ්‍යවේදියකු ලෙසිනි. එතැනින් සාර්‍ථක ආරම්භයක් ලබාගත් ඔහු, 1981 නොවැම්බර් මාසයේදී උපාලි පුවත්පත් සමාගම විසින් සිය පළමු ඉංග්‍රීසි දිනපතා පුවත්පත වන ‘දි අයිලන්ඩ්’ ආරම්භ කළ අවස්ථාවේදී ඊට සම්බන්ධ විය. එහිදී ඔහු උපකර්‍තෘ, ව්‍යාපාරික පිටුවේ කර්‍තෘ, නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්‍තෘ, ප්‍රවෘත්ති කර්‍තෘ, සහකාර කර්‍තෘ සහ උපදේශක කර්‍තෘ දක්වා ඉතා ඉක්මනින් උසස්වීම් ලැබීය. ආරියරත්න ගනේගොඩ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න ගනේගොඩ මහතා 1944 වසරේදී උපත ලැබීය. කොටහේන මධ්‍ය මහා විදුහලේ සහ ශ්‍රී ලංකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ 1966 මැද භාගයේ පමණය. සිය ජනමාධ්‍ය දිවිය තුළ ඔහු ඇත්ත (1966 – 1990), දිනමිණ (1990 – 2005), ලංකාදීප (2006 – 2011) හා මව්බිම (2018 – 2020) පුවත්පත්වල සේවය කළේය. 2020 සිට මැද කොළඹ ප්‍රාදේශීය වාර්‍තාකරු ලෙස ලේක්හවුස් පුවත්පත්වලට ලිපි සපයයි. සිළුමිණ, ඔබ්සවර්, තිනකරන් පුවත්පත්වලට ද ලිපි සපයා ඇත. ඒ අතර, දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්‍තෘ ධුරය ද හොබවා ඇත. දීර්‍ඝ කාලයක් පුරා ප්‍රධාන දේශපාලන පක්ෂ, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් සභාව ආවරණය කර ඇති ඔහු ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සාමාජිකයකු ද වෙයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සිරිලාල් කොඩිකාර, බී. ඒ. සිරිවර්‍ධන, ආරියවංශ පතිරාජ සහ බෙනට් රූපසිංහ ඔහුගේ සමකාලීනයෝ ය. කමල් බෝගොඩ
99mobile