
කාණු, බෝක්කු නඩත්තු කරන්නෑ.. දෛනික පවිත්‍රතා නෑ.. යන්ත්රසූත්ර හදන්නෑ.. කොළඹ යටවුනේ ඒනිසා..- කොළඹ විපක්ෂ නායක
FM Heart · 1 min read
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, කොළඹ නගරයේ කාණු, බෝක්කු සහ අපවහන පද්ධති දෛනිකව හා අඛණ්ඩව පවිත්‍ර කිරීමේ ක්‍රමවේදය වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි. පසුගිය කාලයේදී මේ සඳහා ස්ථිර කණ්ඩායම් යොදවා දෛනිකව නඩත්තු කටයුතු සිදු කළද, වර්තමානයේ නගර සභා වැඩබිම්වල ඇති අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ වාහන පවා අක්‍රිය වී අලුත්වැඩියාවක් හෝ සේවා සැපයීමක් නොමැතිව පවතින බව හෙතෙම සඳහන් කළේය. මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන කොළඹ මහ නගර සභාව සතුව රුපියල් බිලියන 28ක පමණ දැවැන්ත අයවැයක් පැවතියද, වසර අවසන් වීමට ආසන්න මොහොතක පවා එහි භෞතික ප්‍රගතිය 12%ත් 20%ත් අතර අතිශය පහළ මට්ටමක පවතින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මුදල් ප්‍රතිපාදන තිබියදීත් ජනතාව මුහුණ දෙන මෙවැනි මූලික ගැටලුවලට විසඳුම් ලබා නොදීම බලධාරීන්ගේ දැඩි අකාර්යක්ෂමතාවක් බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම වත්මන් රජයේ ක්‍රියාකලාපය හමුවේ කිසියම් තීරණයක් ගෙන රාජකාරි කිරීමට රාජ්‍ය නිලධාරීන් බියෙන් පසුවන බවත්, සිරගත වීමට සිදුවේය යන බිය නිසා නිලධාරීන් අතපය බැඳගෙන සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු පැවසීය. මේ සඳහා සක්‍රීය සහ ශක්තිමත් දේශපාලන නායකත්වයක් ලබා දෙමින් රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් ක්‍රියාත්මක කරවීම වගකිවයුත්තන්ගේ වගකීමක් බවද රිසා සරූක් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

