FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බ්‍රවුන්ස් EV මාතර නව ප්‍රදර්‍ශනාගාරය විවෘත කරමින් දකුණු පළාතේ මෙහෙයුම් පුළුල් කරයි

FM Heart · 2 min read

The Heart Academy
LOLC සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන (EV) අංශය වන බ්‍රවුන්ස් EV, ශ්‍රී ලංකාව විදුලි වාහන භාවිතය වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා වූ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, දකුණු පළාතේ සිය ප්‍රථම ප්‍රදර්‍ශනාගාරය මාතරදී විවෘත කළේය. බ්‍රවුන්ස් EV අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විජිත බණ්ඩාර මහතා විසින් මෙම නව ප්‍රදර්‍ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මාතර පඹුරණ, කුමාරතුංග මාවතේ, අංක 401 දරන ස්ථානයේ පර්‍චස් 80ක භූමි භාගයක පැතිරුණු මෙම නව ප්‍රදර්‍ශනාගාරය මඟින් දකුණු පළාතේ පාරිභෝගිකයින්ට BAW සහ Wuling විද්‍යුත් වාහන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවේ. මෙහිදී වාහන ප්‍රදර්‍ශනය සහ පරීක්ෂණ ධාවනවල සිට, මූල්‍යමය උපදෙස් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන් සැපයීම දක්වා වූ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබා ගත හැකිවේ. බ්‍රවුන්ස් EV ගමන් මගේ මෙම නව සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විජිත බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “බ්‍රවුන්ස් EV ඔස්සේ අපගේ අරමුණ වන්නේ හුදෙක් විද්‍යුත් වාහන එකතුවක් පිරිනැමීම පමණක් නොවේ. පාරිභෝගිකයින්ට විද්‍යුත් වාහන භාවිතයට මාරුවීම සඳහා පූර්‍ණ විශ්වාසයක් ඇතිකරන වටපිටාවක් ගොඩනැගීම අපගේ අපේක්ෂාවයි. අපගේ ප්‍රදර්‍ශනාගාර ජාලය, වාහන ආරෝපණ (චාජින්) පහසුකම්, මූල්‍ය සහාය සහ අලෙවියෙන් පසු සේවාවන් පුළුල් කිරීම තුළින්, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීම වඩාත් පහසු, ප්‍රවේශ විය හැකි සහ තිරසාර අත්දැකීමක් බවට පත් කිරීමට අපි අවධානය යොමු කරමු.”‍
99mobile