FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ISO 14064-3:2019 හරිතාගාර වායු විමර්‍ශන සහතිකය හිමිකර ගනී

FM Heart · 2 min read

The Heart Academy
පාරිසරික වගකීම සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ISO 14064-3:2019 ප්‍රමිතියට අනුකූල හරිතාගාර වායු විමර්‍ශනයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී ISO 14064-1:2018 ප්‍රමිතියේ අවශ්‍යතා සපුරා ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් සිය මෙහෙයුම් හේතුවෙන් පරිසරයට ඇතිවන බලපෑම හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම කෙරෙහි මෙන්ම, සිය තිරසාරභාවය පිළිබඳ ක්‍රියාමාර්‍ගවල විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දක්වන අඛණ්ඩ අවධානය පිළිබිඹු කරයි. ISO 14064-1:2018 ප්‍රමිතිය මගින් සංවිධානයක හරිතාගාර වායු (GHG) ඉන්වෙන්ටරියක් සැලසුම් කිරීම, සංවර්‍ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන මූලධර්‍ම සහ අවශ්‍යතා දක්වා ඇති අතර, ISO 14064-3:2019 ප්‍රමිතිය මගින් හරිතාගාර වායු ප්‍රකාශයන් වලංගු කිරීම සහ විමර්‍ශනය කිරීම සඳහා අවශ්‍යතා සහ මාර්‍ගෝපදේශ සපයයි. ජාත්‍යන්තරව පිළිගත් මෙම ප්‍රමිතීන් මගින් සංවිධානවලට සිය හරිතාගාර වායු විමෝචනය මැනීම සහ වාර්‍තා කිරීම සඳහා ක්‍රමවත් රාමුවක් සපයනු ලබයි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් සිය සංවිධානික සීමාව තුළ සිදුවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය මැනීම සිදුකර ඇති අතර, ඊට සිය මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන බලශක්තිය සහ සමාගමේ වාහනවලින් සිදුවන විමෝචනය ද ඇතුළත් වේ. සිය කාබන් පියසටහන මැනීම මගින් විමෝචනය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන
99mobile