FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මැදපෙරදිග ලාංකිකයන් එවන භාණ්ඩ එරටදීම සොරා ගන්නා ජාවාරමක්...

FM Heart · 2 min read

The Heart Academy
ඇය හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි එස්.කලෙයි අරසි නැමති දෙදරු මවකි. ඇය මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියි. “මම කුවෙට් රාජ්‍ය යේ වසර තුනක් සේවය කරලා මේ වසරේ ජනවාරි මාසේ ලංකාවට ආවේ. ඒ රටේ ශ්‍රි ලංකාවෙන් මෙරටට පැමිණෙන අයගේ පාර්‍සල්, බඩු පෙට්ටි ලංකාවට ගෙන්නලා දෙන ස්පීඩ් ලයින් කාගෝ (SPEED LINE CARGO) නමින් ආයතනයක් ඒ රටේ පවත්වාගෙන යනවා. එම ආයතනය පවත්වාගෙන යන්නේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි විනෝද් සංකල්ප කියන පුද්ගලයෙක්. මම එම කාගෝ එකට බෙඩ්ශීට්, විදුලි උපකරණ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බඩු ගොඩක්, ආහාර ද්‍රව්‍ය ඔක්කොම ලක්ෂ 8ක විතර බඩු භාර දීලා ඒ සදහා එම කාගෝ ආයතනයට රු.එක්ලක්ෂ හතලිස්දාහක මුදලකුත් ගෙව්වා බඩු ලංකාවට එවන්න. බඩු ටිකයි මුදලුයි ගෙවලා, මගේ පාස්පෝට් අංකය දුන්නා ඒ නමට බඩු ටික එවන්න කියලා. දැන් මාස ගාණක් වෙනවා. තාම බඩු ටික ආවේ නැ. මං වගේ ලංකාවේ 80 දෙනෙක් පමණ කාගෝ එකට බඩු දිලා තාම බඩු ටික හම්බ වෙලා නැ. දැනට ඒ රටේ ඉන්න කෙනෙක් ඒ කාගෝ එක හොයාගෙන ගියාම එම කාගෝ එක වෙනත් නමකින් පවත්වාගෙන යන අයෙක් ඒ අයට ගහන්න ඇවිල්ලා. අපි ඒ රටේ පොලිසියටත්, අපේ ලංකාවේ තානාධිපති කාර්‍යාලයටත් පැමිණිලි කරලා තියෙන්නේ. අපට කාගෙන්වත් සහනයක් නැ. මම දුක් මහන්සි වෙලා හමුබ කරපු සල්ලි වලින් කොටසක් අපේ රටේම එකෙක් වංචා කලා. මම ආපහු ඒ රටේම ගෘහ සේවයට යන්න ඉන්නේ. අපට වුන මේ අසාධාරණය අපි වැඩකරපු තැන්වල හාම්පුත්තු ඒවා ගනන් ගන්නේ නැ. ඒ රටේ පොලිසිය අපි කරපු පැමිණිලිවලට සොයා බැලීමක් කරලා තියනවා ඒ පුද්ගලයා හැංගිලා කියලා අපට කිව්වා. අපේ රටේ බලධාරින් මේ පිලිබදව සොයලා බලලා අපට සාධාරණයක් කරන්න කියලා”
99mobile