FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහ වැසි එයි...

FM Heart · 1 min read

The Heart Academy
අද (07) පස්වරු 05.00 සිට හෙට (08) අලුයම 01.00 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වේ. ඒ අනුව, සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අධික වැසි තත්ත්වය ප්‍රබලව බලපෑ හැකි බව දන්වා ඇත. මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවල නම් කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. මෙම තද වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්‍ග සහ පහත්බිම් ආශ්‍රිත ජනාවාස ක්ෂණිකව ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බව අනතුරු අඟවා ඇත. තවද, මාර්‍ග ලිස්සන සුළු වීම සහ වායුගෝලයේ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය හැකි අතර, කඳුකර ප්‍රදේශ ආශ්‍රිත මාර්‍ගවල තැනින් තැන පස් හා ගල් කඩාවැටීමේ අවදානමක්ද පවතී. මේ හේතුවෙන් පහත් බිම්, ගංගා නිම්න සහ නායයෑමේ අවදානම් සහිත බෑවුම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, විශේෂයෙන් කඳුකර මාර්‍ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව රිය ධාවනය කළ යුතු බවත් උපදෙස් දී තිබේ. මීට අමතරව වැසි ඇතිවීමට පෙර ජල බැසයන කාණු සහ ඇළ මාර්‍ග කඩිනමින් සුද්ධ පවිත්‍ර කරගන්නා ලෙසත්, ජලාශවල වාන් දොරටු පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.
99mobile