
මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මරුට.. හතරක් රෝහලට..
FM Heart · 1 min read
අදාළ බස් රථය සහ වෑන් රථය එකිනෙක ගැටීමත් සමඟ රථ දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති අතර, අනතුර සිදුවූ අවස්ථාවේදීම වෑන් රථයේ ගමන් ගත් පිරිස අතරින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව මූලික විමර්‍ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ සෙසු සිව්දෙනා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්‍ග සඳහන් කරයි. මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලිසිය ඉදිරි විමර්‍ශන කටයුතු සිදුකරයි.

