
රුවන්වැලි මහා සෑය අසල උණුසුම් තත්ත්වය... දෙදෙනෙක් අත්අඩංගුවට!
FM Heart · 1 min read
අද (07) දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ හිමිවරු කිහිපදෙනෙක් අතර ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත වු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

