FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දෙණියායේ කැලේ දොළේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ සිට දෙණියායේ සංචාරකට පැමිණ නිල්වලා ගංගාවේ ප්‍රධානතම පෝෂිත දොළ මාර්‍ගයක් වන කැලේ දොළට බැස දිය නාමින් සිටියදී ජල පහරට හසු වූ තරුණයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එහිදී ගසාගෙන ගිය තවත් දෙදෙනෙකු බේරා ගෙන ඇති බවයි නෙත් නිව්ස් නියෝජිත ප්‍රියන්ත දසනායක පැවසුවේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පරිඝණක ආයතනයක සේවය කරන හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ(06) දෙණියායේ බෙවර්‍ලියේ පිහිටි හෝටලයක නවාතැන් තිබෙනවා. ඔවුන් අද පස්වරු දෙකට පමණ සිංහරාජ රක්ෂිතයෙන් ආරම්භ වී ගලා බසිනා කැලේ දොළට දිය නෑමට නවාතැන් ගත් හෝටලයට ද නොදන්වා පහලටම මීටර් 400ක් පමණ බැස ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී එම කණ්ඩායමේ එක් අයෙකු හැර සෙසු හය දෙනා දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. වයස අවුරුදු 20ත් 35ත් අතර වයස්වල පසු වූ අදාළ පිරිස කොළඹ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් වනවා. .
99mobile