FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වරකාපොළ දරුණු රිය අනතුරක් – කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මරුට – තවත් 4කට තුවාල

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ – නුවර ප්‍රධාන මාර්‍ගයේ වරකාපොළ – මාහේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. එහිදි වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. වෑන් රථයේ සිටි තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වරකාපොළ රෝහලට රැගෙන යමින් සිටියදී කාන්තාවක් ද මියගොස් තිබෙනවා. තුවාල ලැබූ සෙසු සිව්දෙනා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. ඒ අතර වෑන්‍රථ රියදුරු ද වනවා. අනතුර සම්බන්ධයෙන් ලංගම බස්‍ රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි වරකාපොළ පොලිසිය පැවසුවේ. .
99mobile