
සියඹලා ටොෆී අස්සේ රුපියල් විසිතුන් කෝටියක කුෂ් සහ හෂිෂ් රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට
FM Heart · 1 min read
රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” සහ ”හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ , තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. .

