FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අනුරාධපු රුවන්වැලි මහා සෑය අසල උණුසුම් තත්ත්වයක් – පුද්ගලයෙක් අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා කළ විමසීමකදී පැවසුවේ සත්‍යග්‍රහය සිදු කිරීමට පැමිණි පිරිස සහ එම ස්ථානයේ වෙළෙන්දන් අතර නොසන්සුන්තාව හටගෙන ඇති බවයි ඒ අනුව සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ සත්‍යග්‍රහයට පැමිණි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක් සිදුකරන්නේ නම් අනුරාධපුර මහ නගර සභාවෙන් අවසර ලබා ගත යුතු වනවා. එලෙස අවසර ලබානොගෙන සත්‍යග්‍රහය ආරම්භ කිරීමට ඊට පැමිණි පිරිස් උත්සාහ කර ඇති බවයි වාර්‍තා වුණේ. ඒ අනුව වෙළෙන්දන් සහ සත්‍යග්‍රහයට එක්වීමට පැමිණි පිරිස අතර බහන්බස්වීමක් දුරදිග යාමෙන් පසු එම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. .
99mobile