
දෙමළ පාසල්වලට සදුදා නිවාඩුවක්
FM Heart · 1 min read
දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් එම තීරණය ගෙන තිබෙනවා. සදුදා විශේෂ නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් 14 වන සෙනසුරාදා දින අදාළ පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. .

