FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වෛද්‍ය උද්ඝෝෂණ ඊයෙන් අවසන්

FM Heart · 1 min read

The Heart Academy
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ දමා සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය ද මෙවර අයවැයෙන් ඉහළ දමන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය උද්ඝෝෂණය ඊයේ (06 දා) දිස්ත්‍රික්ක 04කදී පැවැත්විණි. ඒ අනුව, ගම්පහ, කළුතර, කෑගල්ල සහ මඩකලපුව රෝහල් ඉදිරිපිට එම උද්ඝෝෂණ පැවැත් විණි. සිය ඉල්ලීම් සම්බන්ධව රජයට ලබා දී ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙසට උද්ඝෝෂකයෝ රජයට බලකර සිටියහ. කෙසේ වෙතත් දින කිහිපයක් රට පුරා දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කළ මෙම උද්ඝෝෂණ මාලාව ඊයේ (06 දා) අවසන් කළ බවත්, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්‍ග සම්බන්ධයෙන් අද (07 දා) සිය සංගමයේ විධායක සභාව රැස්වී තීරණය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට සඳහන් කළේය. සිය ඉල්ලීම් සම්බන්ධ යෝජනාවලිය මීට තෙමසකට පෙර රජයට ඉදිරිපත් කර ඇතත්, ඊට කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණු බවත් කිසිදු සාකච්ඡාවක් ලබාදීමට කිසිදු බලධාරියකු කටයුතු නොකළ බවත් එය විශාල කනගාටුවක් බවත් එම සංගමයේ වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසීය. සුජීව තත්සර
99mobile