
ශ්‍රීලනිප දැන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකන්න බෑ
FM Heart · 1 min read
නිර්‍ණායක සපුරාගෙන එන්නැයි කොමිසම දන්වයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්‍ශ්වයන්ට දැනුම්දී ඇත. නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්‍ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස ද කොමිසම ඔවුන්ට දන්වා තිබේ. මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයේ පාර්‍ශ්ව කිහිපයක් මැතිවරණ කොමිසමට ගෙන්වා මේ බව ප්‍රකාශ කළේය. එම පිරිසට දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළත් බව සඳහන්‍ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්‍බුද ඇති බැවින් මැතිවරණයකට නාමයෝජනා භාරදීමට හැකියාවක් නැත. ඒ හේතුවෙන් පක්ෂ නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමෙන් ඉදිරි කටයුතු කළ යුතු බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පාර්‍ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

