
ක්‍රිෂ් නඩුව: ජානකී 20 දා තෙක් රිමාන්ඩ්…නාමල් එදාට ඉදිරිපත් කරන්න
FM Heart · 2 min read
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්‍ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්‍ධන ලබන 20 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (6) නියෝග කළේය. පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එදිනට බන්ධනාගාරයේ සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කෙරිණි. මෙම සිද්ධියට අදාළව පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙර නඩු දිනයේ දී ඇප මත මුදා හැර තිබුණි. බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අදාළව සැකකරුවන් වන පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්‍ධන මහත්මිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්‍ධන මහත්මිය යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්‍ශනයකට අදාළව ඉකුත් 3 දා පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබුණ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්‍බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 දා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉකුත් 28 දා බන්ධනාගාරයට නියෝග කර ඇත. එම නිසා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ඇප හිමි වුවද එයාර්‍බස් සිද්ධියට අදාළව බන්ධනාගාර භාරයේ සිට ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ.ජේ.ඒ. අබේනායක

