
චාමර සම්පත් හා හිටපු ලේකම් යළි 10දා තෙක් ඇතුළට
FM Heart · 1 min read
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැති, බදුල්ල දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සහ ඔහුගේ හිටපු ලේකම් ලබන 10 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (6 දා) නියෝග කළේය. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි. චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 දා සිට 2024 සැප්තැම්බර් 23 දා දක්වා ප්‍රාථමික කර්‍මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. ඒ. ජේ. ඒ. අබේනායක

