FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පොලිස්පති අධිකරණයට අපහාස කළැයි තීරණය කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ස්ථාන මාරුවක්

FM Heart · 2 min read

The Heart Academy
පොලිස්පතිගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිසම ගත් තීරණයක් ගම්පහ නව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කොට තිබූ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නිකුත් කළ ලිපියක් මගින් මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරුවීම ලබාදී තිබේ. අහිංසක රට වැසියන්ට එරෙහිව නිකරුණේ නඩු පැවරීම් නොකරන ලෙසට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි චක්‍රලේඛනයක් නිකුත් කරන්නැයි පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගය නොතකා කටයුතු කිරීම මගින් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට නිගමනය කළ ගම්පහ මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න මහතා ඒ පිළිබඳව අභියාචනාධිකරණයේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබිණි. පොලිස්පතිවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව එකී පැමිණිල්ලට අදාළ නිරීක්‍ෂණ ඉදිරිපත් කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බන්දුල ගුණරත්න මහතාට දන්වා තිබූ බවත්, හෙතෙම ඉදිරිපත් කළ එකී නිරීක්‍ෂණ සලකා බැලීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා එකී ස්ථාන මාරුවීමට අදාළ ලිපිය නිකුත් කොට ඇති බවත් පැවසේ. ගම්පහ පොලිසියේ දූෂණ මර්‍දන අංශය විසින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා නගමින් එකම දිනයේ සැකකරුවකුට එරෙහිව නඩු දෙකක් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර, එකම සැකකරුට එකහා චෝදනා යටතේ එකම දිනයේ නඩු දෙකක් පවරා ඇත්තේ ඇයි දැයි කළ විමසීමේදී අත්වැරදීමකින් එලෙස නඩු දෙකක් පවරා තිබූ බව පවසා එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි. එලෙස නිකරුණේ අහිංසක ජනතාවට එරෙහිව නඩු නොපවරන ලෙසට පොලිසියට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට වන්දි ගෙවන ලෙසට පොලිසියට නියෝග කොට තිබූ අතර, එලෙස අනීතික ලෙස නඩු නොපවරන ලෙස දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි. මේ අතර ගම්පහ නව මහෙස්ත්‍රාත්වරයා වශයෙන් කෝසල සේනාධීර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි ඊයේ වාර්‍තා විය. ඒ. ජේ. ඒ. අබේනායක
99mobile