FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි ජනතා විරෝධී පනත් ගේන්නෑ.. විරුද්ද වෙන්නේ ජාවාරම්කරුවන් හා අපරාධකරුවන්..

FM Heart · 1 min read

The Heart Academy
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙල්ල කිරීම සඳහා කඩිනම් නීතිමය පියවර ගැනීම රජයේ ප්‍රමුඛතම වගකීමක් වී ඇති බවත්‍ය. රජය ගෙන එන නව නීති කෙටුම්පත් හරහා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ව්‍යාපාර ඉලක්ක කර මර්‍දනයක් දියත් කිරීමට සූදානම් වන බවට විපක්ෂය නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "අපේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරන කිසිම පනතක් සම්මත කරන්නේ නැහැ. වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ග, ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන මතවාද දැරීම හෝ මහජන විරෝධතා මෙම නව පනත්වලින් සම්පූර්‍ණයෙන්ම බැහැර කර තිබෙනවා. යම්කිසි පාර්‍ශ්වයකට රජය ගෙන එන පනත් සම්බන්ධයෙන් නීතිමය විරෝධතාවක් ඇත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීමට ඕනෑම අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පවතිනවා. නමුත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් කරන්නේ ජනතාව නොමඟ යවමින් මේවාට වැරදි අර්‍ථකථන ලබාදීමයි." එමෙන්ම මෑතකාලීනව පොලිසිය ඉලක්ක කරගනිමින් විවිධ පාර්‍ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි විරෝධතා පිටුපස සිටින්නේ ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ගේ ජාලයන් බවත්, පොලිස් දෙපාර්‍තමේන්තුව කිසිවිටෙකත් එම විරෝධතාවලට යටත් නොවී මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රියාකරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
99mobile