
බලයට පත්වී වසර දෙකට රාජ්‍ය ආදායම ඉහළ නංවනවා යැයි සංශෝධන 12 කින් බදු බර වැඩිකරලා
FM Heart · 2 min read
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ කීර්ති තෙන්නකෝන් ‘නව රජය බලයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙක තුළ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ නමින් ජනතාව මත බදු බර වැඩි කළ සංශෝධන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. සුරාබදු, මත්පැන්, සිගරැට්, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ ආදී සෑම ක්ෂේත්රයක්ම ස්පර්ශ කර ඇති මේ බදු නිසා උද්ධමනය ඉහළ යෑම, මුදල් හුවමාරුව සීමා වීම සහ දරිද්‍රතාව ඉහළ යෑම සිදුව තිබෙනවා’ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය. ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ රජිත කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය. එහිදී ඔහු මෙසේද කීය. ආණ්ඩුව බලයට පත්වී ගත වූ මේ වසර දෙක තුළ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන් විය. ‘අස්වැසුම’ එකම මාසයේ දෙවරක් ගෙවීම් සිදුවිය. මාර්ග සංවර්ධන අධිකාරියේ ද දෙවරක් ගෙවීම් සිදුවිය. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් 625,000 ක් (රුපියල් මිලියන 200ක්) අතුරුදන් වී මාස 6 ක් ගත වී ඇතත්, කිසිදු මුදලක් පියවා ගැනීමට ආණ්ඩුවට මේ වනතෙක් හැකියාව ලැබී නැත. මේ සියල්ලට මූලික හේතුව වී ඇත්තේ විiුත් තැපැල් පද්ධතිය සහ ඩිජිටල් යටිතල පහසුකම් යාවත්කාලීන වී නොතිබීමයි. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26 ක් ගොනු වී තිබෙනවා. ආණ්ඩුව බලයට එද්දී දුන්න පොරොන්දුව හොරු අල්ලන එක වුණාට, හොරු අල්ලන්න හෝ දූෂිතයන්ට දඬුවම් දෙන්න මෙවැනි පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පනතේ උපලේඛන දෙස බැලූ විට පෙනී යන්නේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත, සුරාබදු පනත, සූදු නියාමන පනත වැනි සිවිල් සහ සාමාන්‍ය වැරදි පවා මේ පනතට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව ගොවිතැන් කරන ගොවියකුගේ හරකෙකු රක්ෂිතයකට පැන්නත් හෝ අවුරුදු කාලයට විනෝදයට බූරුවා ගැහැව්වත් පොලිසියට පුළුවන් මේ පනත යටතේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න. නව අණපනත් සහ නීති රෙගුලාසි හරහා පොලිසියට සහ ආරක්ෂක අංශවලට අත්තනෝමතික ලෙස නීතිය නිර්වචනය කිරීමට බලය ලැබෙන්නේ නම්, එයින් නීතියේ ආධිපත්‍ය බිඳවැටෙනවා. කිසිදු පදනමක් හෝ සාක්ෂියක් නොමැතිව පුරවැසියන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම වැනි ක්‍රියාමාර්ග තුළින් රටක් පාලනය කරන්න බැහැ. බලය රැකගැනීමට නීතිමය මර්දනයන් භාවිත කිරීම අවසානයේදී ආණ්ඩුව තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමට හේතුවක් වෙනවා. චමින්ද සිල්වා

