
යාපනය මහ නගර සභාවේ ගාල ගෝට්ටියක්
FM Heart · 1 min read
කොටි මහ විරු සමරුව සැමරීමට න්‍යාය පත්‍රයක් සකස් කිරීමට යෑමේදී යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් සමගම සභාවේ කටයුතු අතරමග නවතා දැමීමට සිදුව තිබේ. මේ අවස්ථාවේදී සභාවේ සිටි මන්ත්‍රීවරු හතර දෙනෙකුම කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගොස් තිබේ. මහවිරු සමරුවට පෙර යාපනයේ කෝපායී ප්‍රදේශයෙන් ඉවත්කළ තිලීපන්ගේ ප්‍රතිමව සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාව ගන්නා පියවර ගැන මන්ත්‍රීවරු කීප දෙනකුම ප්‍රශ්නා කොට තිබේ. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට කොටින්ගේ මහ විරු දිනය සැමරෙන අන්දම ගැන න්‍යාය පත්‍රයක් සකස් කිරීමට උත්සහ කිරීම නිසා මුලින්ම සභාවේ උණුසුම්කාරී වාතාවරණයක් හට ගෙන තිබේ. පසුව තවත් ඊට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වීමත් සමගම සභාවේ තත්ත්වය උණුසුම් වී විශල ගාලගෝට්ටියක් හට ගෙන තිබේ. කෙසේ වෙතත් යාපනය නගර සභාවද නොවැම්බර් 27 දා යාපනයේදී කොටි මහ විරු දිනය සැමරීමට අවශ්‍ය බවට සභාවෙන් පිටත කථිකාවක් ඇති කර ගෙන තිබේ. දිනසේන රතුගමගේ

