FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විදේශීය යුවළ ගමන්ගත් වැගන්ආර් රථය ඇතුළු වාහන 3 ක් එකිනෙක ගැටේ…රුසියානු කත රෝහලට

FM Heart · 1 min read

The Heart Academy
මාතර – වැල්ලවාය ප්‍රධාන මාර්‍ගයේ ලුණුගම්වෙහෙර 22 හංදිය ආසන්නයේදී මෝටර් රථ දෙකක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ. පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ 29 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක ප්‍රථිකාර සඳහා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබේ. තණමල්විල දෙස සිට පැමිණි වැගන් ආර් වර්‍ගයේ මෝටර් රථය එකවර මත්තල දෙසට හැරවීමට යෑමේදී ලුණුගම්වෙහෙර දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී ඇත. එහිදී තණමල්විල දෙස සිටම වැගන් ආර් වර්‍ගයේ මෝටර් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයද වැගන් ආර් රථයේ වැදී අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ වැගන් ආර් රථයේ රුසියානු ජාතික යුවළක් ගමන් කර තිබේ. එහිදී තුවාල ලැබූ 29 හැවිරිදි කාන්තාව ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ. අනතුරට පත් වැගන් ආර් රථය පදවා ඇත්තේද 30 හැවිරිදි රුසියානු ජාතිකයෙකි. අනතුර සම්බන්ධ වැගන් ආර් රථය සහ වෑන් රථය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අනෙක් මෝටර් රථයේ රියැදුරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු එම රථය මුදාහැරීමට පොලිසිය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ රථවාහන අංශය වැඩිදුර විමර්‍ශන සිදුකරයි. සූරියවැව – නුවන් ජයසේකර
99mobile