FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හුරුලු වැව රක්ෂිතයේ අලි මීගහපට්ටිය එල්. බී. ජනපදයට පැනලා

FM Heart · 2 min read

The Heart Academy
20 ක අලි රංචුවක්: භව බෝග විනාශයි…ජීවිතවලට තර්‍ජනයක් ගම්මු බලධාරීන්ගෙන් විසඳුමක් ඉල්ලති හුරුලු වැව රක්ෂිතයේ පඬිකාරමඩුව මහසෙන්ගම ප්‍රදේශයේ පසුගිය කාලයේ සැරිසැරූ 20ක් පමණ වන අලි රංචුවක් රාත්‍රී කාලයේ හුරුලු පත්තිනි දේවාලය අසල සිවිල් ආරක්ෂක මුරපළ අසලින් රජයේ විදුලි වැට පෙරලාගෙන ගලෙන්බිඳුණුවැව අංක 188 මීගහපට්ටිය එල්.බී. ජනපද ප්‍රදේශයට ඇතුළු වී තිබේ. එමගින් පොල් වගාවක් ඇතුළු බෝග රැසක් විනාශ කර දමමින් සිටින මෙම අලි රංචුව මේ වන විට තාමරවිල තුළ රැඳී සිටින බව ප්‍රදේශයට ගිය අපගේ කැමරා කාචයේ සටහන් විය. වසර ගණනාවක සිට මෙලෙස ගම් වදින වන අලි ප්‍රදේශයේ පොල් වගාවන් ඇතුළු බෝග විනාශ කරමින් ජන ජීවිතයට දැඩි පීඩා එල්ල කරන බව ප්‍රදේශවාසීහු පවසති. රජය මගින් ඉදිකර ඇති විදුලි වැට නිසි නඩත්තුවක් සහ ප්‍රමාණවත් විදුලියක් රහිතව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙලෙස වැට බිඳගෙන අලි ගම්බද ප්‍රදේශවලට ඇතුළු වී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරන බවට ප්‍රදේශවාසීහු බලධාරීන්ට චෝදනා කරති. වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ගොවි ජනතාව පෙන්වා දෙති. වන අලි උවදුර නිසා වගාවන් විනාශ වීමෙන් දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, නිරන්තරයෙන්ම ගම පුරා සැරිසරන මෙම වන අලි හේතුවෙන් තම ජීවිතවලටද දැඩි තර්‍ජන එල්ල වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය
99mobile