
මහ විරු දිනය සමරන්න උතුරේ වැසියෝ සූදානමින්
FM Heart · 1 min read
නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහ විරු දිනය සැමරීම පිණිස උතුරේ සියලුම දෙමළ වැසියන් එක්වන ලෙස එම උළෙලේ සංවිධායකයෝ මහජනතාවට දැනුම් දී තිබේ. මෙවරද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක් හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් කොටි මහවිරු දිනය සැමරීමට කටයුතු සූදානම් කොට තිබේ. ඒ අනුව මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල වැසියන් විශාල පිරිසක් මේ දිනවල එල්.ටී.ටී.ඊ. සොහොන් පිහිටි ප්‍රදේශවල කැලය සුද්ධ කරමින් නටබුන් බවට පත්ව තිබෙන එම සොහොන් එළිපෙහෙලි කිරීමට පටන් ගෙන තිබේ. මේ සඳහා ගම් මට්ටමින් ශ්‍රමදානද සංවිධානය කොට තිබේ. මෙම අවස්ථාවලට පැමිණි පිරිස් සොහොන් කොත් එළි පෙහෙළි කොට ආපසු යෑමට පෙර ඒවාට පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සමරන ආකාරයක් ද දැක ගැනීමට ලැබුණි. සෑම වසරකම කොටි මහවිරු දිනය උතුරු නැගෙනහිර වැසියන් විසින් සමරනු ලබන අතර එය රජයෙන් තහනම් ක්‍රියාවක් ලෙසද ප්‍රකාශයට පත් කොට තිබේ. උතුරේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරද මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ඉදිකොට ඇති විශේෂ මහවිරු ස්මාරකය ඉදිරිපිට දී පවත්වනු ලබයි. දිනසේන රතුගමගේ

