
එක්නැලිගොඩ නඩුවේ විත්ති වාචිකය 12 දා කැඳවන්න නියෝග
FM Heart · 1 min read
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්ති වාචකය ලබන 12 දා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (06) දින තීන්දු කළහ. අධිකරණයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) උප වගන්තිය යටතේ, විත්ති වාචකය නොකැඳවා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඊයේ ඉල්ලීමක් කළහ. එහෙත්, එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේ විත්ති වාචකය නොකැඳවා චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට නොහැකි බවයි. ඒ අනුව, විත්ති වාචකය කැඳවීම සඳහා මෙම නඩුව ලබන 12 දා යළි කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ. සෙසු විනිසුරුවරුන්ගේ ද අනුමැතියෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය. ඒ.ජේ.ඒ. අබේනායක

