FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි රට හදන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂය අනුවයි..- මාලිමා මන්ත්‍රී

FM Heart · 1 min read

The Heart Academy
චීන කොමියුනිස්ට් පක්ෂයේ පස්වැනි සැසිවාරයේදී ගනු ලැබූ චීනයේ අනාගත දේශපාලන සහ ආර්‍ථික දිශානතිය පිළිබඳ කොළඹ පැවැති විද්වත් සංවාදයේදී ඔහු එම අදහස් දැක්වීය. මෙම වැඩසටහන චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය මගින් සංවිධානය කර තිබූ අතර එහිදී පාර්‍ලිමේන්තු මන්ත්‍රි විජේසිරි බස්නායක මෙසේද සඳහන් කළේය. ‘‘චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් චීන ජනාධිපති ෂී පින් ජින් අනුගමනය කරන පක්ෂයේ විනය ප්‍රතිපත්ති ආදර්‍ශයට ගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය කටයුතු කරනවා. චීනයේ පක්ෂ විනය අපි හදාරන්න ඕන. නිදහස ලැබී වසර ගනණක් ගියත් අපි තවම වේදිකාවල දරිද්‍රතාවය ගැන කතා කරනවා. ඒ සමගම ජනතාව තුළ රැව්පිළිරැව් දෙන වචන කිහිපය තමයි වංචාව, දූෂණය, අල්ලස. ඒ ගැන කාලයක් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. විමර්‍ශන සිදුවුණේ නැහැ. නඩු කල් ගියා. බලවත් පුද්ගලයන් නිදොස්කොට නිදහස් වුණා. 2024 අපි බලයට පැමිණියාට පසුව වංචාව දූෂණය නාස්තිය නැති කරන්න වගේම සංවර්‍ධන කටයුතු විනිවිදභාවයකින් යුතුව කිරීමට පියවර ගත්තා. අපි පවුල් පාලනයට තිත තැබුවා. නීතියේ සර්‍ව සාධාරණත්වය වෙනුවෙන් වත්මන් රජය කැපවෙනවා. එහිදී ගනු ලබන ඇතැම් තීන්දු තීරණ කෙටි කාලීනව ජනප්‍රිය නොවුණත් රටේ ඉදිරි සංවර්‍ධන සැලැස්ම තුළ චීනයේ අත්දැකීම් අපට විශාල ලෙස වැදගත් වෙනවා.’’
99mobile