FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ට්‍රම්ප් පරාජයෙන් පසු තෙල් මිල විශාල ලෙස පහල බසී...

FM Heart · 2 min read

The Heart Academy
Oilprice.com අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.94 කින් හෙවත් 8.6% කින් පහත වැටී ඩොලර් 94.66 ක් දක්වා පහත බසිද්දී, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.01 කින් (8.3% කින්) පහත වැටී ඩොලර් 88.08 ක් ලෙස සටහන් විය. සිකුරාදා වන විටද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118 සීමාවේ පැවති අතර, මෙම කඩාවැටීම සැප්තැම්බර් 04 වනදායින් පසු වාර්‍තා වූ අවම අගය ලෙස සටහන් වේ. මැතිවරණ පරාජය පිළිබඳව 'ෆොක්ස් නිවුස්' නාලිකාව සමඟ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පසුබෑමට ප්‍රධානතම හේතුව රට තුළ ඉහළ ගිය පෙට්‍රල් සහ ඉන්ධන මිල බවයි. උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පරාජයට සැබෑ හේතුව යුද්ධය බවත්, ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් එතැනින් ආරම්භ විය යුතු බවත්‍ය. මීට අමතරව, ඉරානයට පහරදීමේ ක්ෂණික සූදානමක් වොෂින්ටනය සතුව නොමැති බව ජනාධිපති ට්‍රම්ප් 'ෆිනෑන්ෂල් ටයිම්ස්' වෙත මීට පෙරද පවසා තිබිණි. 'BOK Financial' ආයතනයේ ඩෙනිස් කිස්ලර් පෙන්වා දෙන්නේ, මැදපෙරදිග තෙල් අපනයනය යළි ඉහළ යාම සහ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හේතුවෙන් බොරතෙල් මිල මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම කොංග්‍රස් මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතු වීමත් සමඟ කලාපයේ හමුදා මෙහෙයුම් සඳහා වැය කරන ඇමෙරිකානු ආරක්ෂක වියදම් සීමා වනු ඇති බවත්, එය කඩිනම් සාම සාකච්ඡාවකට මග පාදනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී. කෙසේ වෙතත්, සාමකාමී විසඳුමකට පෙර යළි ගැටුම් උත්සන්න වීමේ අවදානමක් පවතින බව 'Enverus' ආයතනයේ කාල් ලැරී අනතුරු අඟවයි. මේ අතර, බලයට පත්වන්නේ කුමන පක්ෂය වුවද ඇමෙරිකාවේ සතුරු ආකල්ප වෙනස් නොවන බව ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි ලිඛිත නිවේදනයක් මඟින් දන්වා ඇති අතර, හූති සටන්කාමීන් රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කළද සෞදි බලධාරීන් එය තහවුරු කර නොමැත. කටාර් රාජ්‍යයේ 'අල්-ජදීඩ්' පුවත් සේවය සඳහන් කළේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ අත්හිටවූ වත්කම් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බවයි.
99mobile