FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි කීවේ නැවෙන් ගොඩ බාන තෙල් මිල නෙවේ..- Verité Research

FM Heart · 1 min read

The Heart Academy
මෙම තත්ත්වය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරන එම ආයතනය සඳහන් කරන්නේ, ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීමේදී පවතින වෙළෙඳපොළ සිල්ලර මිල, සූත්‍රයට අනුව පැවතිය යුතු පිරිවැය පියවීමේ මිල මෙන්ම ඊට අදාළ බදු සහ සහනාධාර යන සාධක තුනම සැසඳිය යුතු බවයි. ඒ අනුව, නොවැම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයෙන් පසුවද මෙරට බෙදාහරින ඔක්ටේන් 92 වර්‍ගයේ පෙට්‍රල් ලීටරයක වත්මන් සිල්ලර මිල, සූත්‍රයට අනුව නියම විය යුතු මිලට වඩා රුපියල් 57 කින් අඩු මට්ටමක පවතී. එමෙන්ම, සාමාන්‍ය ඩීසල් ලීටරයක වත්මන් මිල ද සූත්‍රයෙන් ලැබෙන පිරිවැය ආවරණය වන මිලට වඩා රුපියල් 62 කින් අඩු අගයක පවතින බවත්, ඒ අනුව ඩීසල් සඳහා තවදුරටත් රජය මඟින් සහනාධාරයක් ලබා දෙමින් සිටින බවත් වෙරිටේ රිසර්‍ච් ආයතනය අනාවරණය කරයි. මෙරටට ඉන්ධන ආනයනය කිරීම සහ දිවයින පුරා බෙදාහැරීම සඳහා දැරීමට සිදුවන සමස්ත පිරිවැය සම්පූර්‍ණයෙන්ම ආවරණය කරගත හැකි වන පරිදි ඉන්ධන මිල සූත්‍රය සකස් කර ඇති අතර, සමාජයේ ඇතැම් පාර්‍ශ්වයන් වරදවා වටහාගෙන ඇති පරිදි රුපියල් 481 යනු නෞකාවකින් ඉන්ධන ගොඩබෑමේ මිල නොවන බව එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
99mobile