FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහර සභාපති ඉල්ලා අස්වේ...

FM Heart · 2 min read

The Heart Academy
තම නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම තීරණය කිසිසේත්ම ක්ෂණිකව ගත් එකක් නොවන බවත්, වසර කිහිපයකට පෙර සිය පක්ෂය සමඟ ඇති කරගත් දේශපාලන එකඟතාව සහ වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් පියවරක් බවත්‍ය. දූෂිත පවුල් පාලනය පරාජය කර ජනතාවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම දේශපාලන ගමනට එක්වූ බව සිහිපත් කරන ඒ මහතා, 2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු රට තුළ ස්ථාවර සංවර්‍ධනයක නව යුගයක් ආරම්භ වී ඇති බව පෙන්වා දෙයි. තවද, ඉදිරි ගමන භාරගත හැකි දක්ෂ තරුණ නායකත්වයක් හා ශක්තිමත් කණ්ඩායමක් මේ වන විට බිහිව ඇති බැවින්, තමන් දැරූ වගකීම් නව පරපුරට පැවරීමට සුදුසු පසුබිමක් නිර්‍මාණය වී ඇති බවද ඔහු පවසයි. සිය පෞද්ගලික වෘත්තීය කටයුතු සහ ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදුකළ බව පවසන අතුල කළුආරච්චි මහතා, මෙය කිසිසේත්ම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතා සේවයෙන් ඉවත්වීමක් නොවන බව දැඩිව අවධාරණය කරයි. "තනතුරු තාවකාලික වුවද, පෙනී සිටි අරමුණු සහ ජනතාව වෙනුවෙන් වූ කැපවීම සදාකාලිකය" යනුවෙන් පවසන ඒ මහතා, මෙතෙක් තමන් කෙරෙහි විශ්වාසය තැබූ සියලු ජනතාවට සහ සහෝදරත්වයෙන් කටයුතු කළ සගයන්ට සිය කෘතඥතාව පළ කර තිබේ.
99mobile