
හස්ති සේනා’ මෙහෙයුමෙන් දඩයම් ආයුධ සහ වනසත්ව කොටස් රැසක් සොයාගැනේ
FM Heart · 1 min read
වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුමට සමගාමීව කලාවැව උතුර ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්‍තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී නීතිවිරෝධී දඩයම් සඳහා භාවිත කරන තුවක්කු, පතරොම්, මූනිස්සම්, වෙඩි බෙහෙත්, මදු සහ හක්කපටස් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ. එමෙන්ම, හා මස් සහ මුව අං ද එහිදී සොයාගෙන ඇති බව වාර්‍තා වේ. වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් වැළැක්වීම අරමුණු කරගනිමින් ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

